(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන්  සභාවේ සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධූර  පුරප්පාඩු පිරවීම ප්‍රමාද වී ඇතැයි වාර්තාවේ.

ඊට හේතු වී ඇත්තේ දෙපාරක් අයදුම්පත් කැඳවීමට සිදුවීම නිසා බව පාර්ලිමේන්තු  ආරංචි මාර්ග සඳහන් කළේය.

මුලින් අයදුම්පත් කැඳවුවද සුදුස්සන් ඉදිරිපත් නොවීම හේතුවෙන් යළිත් අයදුම්පත්  කැඳවීමට සිදු වූ බව වාර්තාවේ.

සාමාජිකයන්  තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල කෙරෙන බව දැනගන්නට ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සහ    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ  නිල කාලය පසුගිය කාලයේදී වරින් වර අවසන්විය.