(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සෙසු විනිසුරු පුරප්පාඩු  හත සම්බන්ධයෙන් තවමත් නිර්දේශ කිසිවක්  ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවට ලැබී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  මෙය  ජනාධිපති කාර්යාලයෙන් කෙරෙන  කටයුත්තක් හෙයින් එම කාර්යාලයෙන් විමසන ලෙසයි.

තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවද ඔහු සඳහන් කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කිරීමට  ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු සජීවනී දිල්කා ලක්මාලී කරුණානායක මෙනවියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය පසුගියදා ලැබිණ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඇය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කරනු ලැබුවාය.

එම අභියාචනාධිකරණ විනිසුරු පුරප්පාඩුවට  ජනාධිපතිවරයාට නම් තුනක් යොමු කර තිබූණද  ජනාධිපතිවරයා  පුරප්පාඩුවට නිර්දේශ කර ඇත්තේ  කරුණානායක මෙනවිය  පමණක්  බව දැනගන්නට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඉහත විනිසුරු පුරප්පාඩු හේතුවෙන් අධිකරණ කටයුතුවලට ලොකු බාධාවක්ව පවතින බව දේශපාලන පක්ෂ නීති අංශයේ  ප්‍රවීණයෝ පෙන්වා දෙති.

මෙම විනිසුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද පසුගියදා දීර්ඝව සාකච්ඡා කෙරිණ.

මෙම සමහර පුරප්පාඩු මාස හයකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී පවතින බව වාර්තාවේ