(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පරමාණුක ද්‍රව්‍ය රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බවට වාර්තා පළ වන හෙයින් ඒ ගැන වහා සොයා බලා කටයුතු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එවැනි නැවක් පැමිණ ඇත්නම් එය වහාම පිටමන් කිරීමට කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය.
එම වාර්තා වල දැක්වෙන අන්දමට මෙම නෞකාව සොයාගනු ලැබ ඇත්තේ පරමාණු බලශක්ති අධිකාරිය විසිනැයි කී පේමදාස මහතා නැව පරික්ෂා කිරීමට නාවික හමුදාවට පවා ඉඩ දී නැතැයි ද සඳහන් කළේය.
එම නැව වහාම ඉවත් කරගන්නැයි පරමාණුක බලශක්ති අධිකාරිය නියෝගයක් දී ඇතත් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් තානාපති කාර්යාලයක බලපෑමට යටත් වී එසේ කටයුතු කරන්නේ යයි දැනගන්නට ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
පරමාණු ද්‍රව්‍ය මිනිස් ජීවිතයට බරපතල තර්ජනයක් බවත් මෙම ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායක වරයා කියයි.
මේ අවස්ථාවේ දී රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයගොල්ලන්ගේම කට්ටිය එකතු වෙලා 99 අවුරුද්දට බදු දුන්න නිසා තමයි ඔය වගේ කාරණා සිද්ධ වන්නේ.
පළමු අවුරුදු දෙක තුන ඔහොම නම් අවුරුදු 99 වෙන විට කොහොම තියේවි ද?....... එදා දුර දක්නා නුවණින් අපේ රටට කළ සේවය, එනම් වරාය සමඟ ගොඩබිමද චීනයට දීම නම් ඉතා අපූරුයි. එදා චීනය හොඳයි. අද තමයි හොඳ නැත්තේ.
කාලයකට ඉහතදී අප්‍රිකාවේ රටක මුහුදේ කුඩා නැවක් නැංගුරම් ලා තිබුණා.නැවේ බෝට්ටුවකින් ගොඩබිමට පැමිණි නාවිකයින් ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා හා හිතවත්වුනා. ඒගොල්ලෝ අර මෝඩ නුගත් පාලකයාට කීවා " අපි ළඟ ඉවත් කරපු පස් ටොන් ගානක් තියෙනවා, ඔයගොල්ලන්ට ඕනනම් දෙන්නම්. මේ ප්‍රදේශයේ මඩ ගොහොරු බිම් ගොඩකරන්න පුලුවන්නේ. අපිට සල්ලි එපා, ඔයගොල්ලන්ගේ ආගන්තුක සත්කාරයට කරන ගරු කිරීමක් පමණයි මේ.." කියලා. අනේ අර නුගත් පාලකයා " අනේ කොයිතරම් දෙයක්ද මහත්තයෝ .." කියලා එය අනුමත කළා. ගොඩකරන්න අවශ්‍ය පස් ටොන් ගණනක් දීලා ඒ නැව පිටව ගියා.මාස කිහිපයකට පසුව ඒ ප්‍රදේශයේ මිනිසුන්ගේ ඇඟේ බිබිලි දමන්න ගත්තා.නුපුරුදු කැස්සක් , හිසේ වේදනාවක් සමග වමනය ඇතිවුණා. අසාමාන්‍ය ලෙස මරණ වාර්තා වුණා.
2015-2019 කාලෙදී නොතිබුණු ප්‍රශ්න මෙයාට දැන් කොච්චර තියෙනවාද? ඒ කාලේ කරපු දේවල්වල ප්‍රතිඵල තමයි මහත්තයෝ ඔය. බදු දෙනකොට කටවලු පූට්ටු කරගෙන ඉඳලා දැන් එනවා වැරදි පෙන්නන්න. මෙයාලා ආණ්ඩුවක් ගත්තාම ඔය ප්‍රශ්න මුකුත් නැහැ වගේ කතාව...