
(සුජිත් හේවාජුලිගේ)
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකගේ වැටුප් රහිත අධ්‍යයන නිවාඩු 2024 දෙසැම්බර් 26 දිනෙන් අවසන් වීමෙන් පසු එදින සිට සේවයට නොපැමිණියද පසුගිය වසරේ ඔක්තෝබර් 15 සිට සේවය අතහැර යෑමේ නිවේදනය නිකුත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි
අනිවාර්ය සේවා කාලය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඇයගෙන් අය කරගත යුතු පන් ලක්ෂයකට ආසන්න දඩ මුදලද අය කරගෙන නොතිබූ බව එහි දැක්වේ.
තවද විදේශගත වූ නිලධාරින් සිවු දෙනකු සංචාරය නියම කර දිවයිනට පැමිණියද මේ වසරේ මැයි 15 වනතුරුම ඊට අමාත්‍යාංශ අනුමැතිය ලැබී නොතිබුණු බව විගණන අංශය පවසයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd