
ආනයන අපනයන පිවිසුම් දොරටු වරායක් ලෙස දේශීය කර්මාන්තවලට සිය සේවා ආරම්භය සනිටුහන් කරමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) ශ්‍රී ලාංකික සමාගමක් වන ඩච් ලංකා ට්‍රේලර්ස් විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද ට්‍රේලර් යන්ත්‍ර නැව්ගත කිරීම සඳහා පහසුකම් සලසන ලදි.
“පැහැදිලිවම විදේශ වෙළෙඳපොළට සේවා සපයන ශ්‍රී ලාංකීය කර්මාන්තවල දියුණුවට සහාය දැක්වීම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන සැලැස්මේ පැහැදිලිවම අන්තර්ගත වේ.” ඩච් ලංකා ට්‍රේලර්ස් සමාගම වෙනුවෙන් සිදුකළ මෙම නැව්ගත කිරීම හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ දොරටු වරායක් ලෙස ඉටු කරන වැදගත් කර්තව්‍යය සම්මත කිරීමක් වන අතර දේශීය නිෂ්පාදකයන්ට ඔවුන්ගේ වෙළෙඳපොළ වෙත ළඟා වීමට ලාභදායී ක්‍රම හඳුන්වා දෙමින් නව යුගයක් සනිටුහන් කිරීමක් බව, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පැවසීය.
සාමාන්‍යයෙන් බහාලුම් නැව් යාත්‍රා හරහා තම ට්‍රේලර් යාත්‍රා නැව්ගත කරන ඩච් ලංකා ට්‍රේලර්ස් සමාගම, මෙවර හම්බන්තොට වරායට පැමිණි හෙස්ටියා ලීඩර්’ (HESTIA LEADER) නැමැති රෝරෝ යාත්‍රාව හරහා සිය නැව්ගත කිරීම සිදු කිරීමට තීරණය කළේය. ඩච් ලංකා ට්‍රේලර්ස් ඒකක 10ක් රැගත් රෝරෝ යාත්‍රාව ඔක්තෝම්බර් 26 වන දින, කැරිබියන් දූපත් බලා පිටත් විය.
HIPG ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය. “හම්බන්තොට ජාත්‍යන්තර වරාය එවැනි භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා හොඳින් සන්නද්ධව ඇත. උසස් නවීන පන්නයේ ටර්බර්ග් ට්‍රැක්ටර් රථයක් (Turburg tractor) වරාය සතු වීම ද නැව්ගත කරන්නන්ට පහසුවකි. බහාලුම් යාත්‍රාවන් සඳහා ගෙවීමට වන වැඩි භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සහ බහාලුම් කළ භාණ්ඩ හැසිරවීමේ දී අනෙකුත් වරායන් මුහුණ දෙන තදබදය, පිළිබඳව සසඳන විට හම්බන්තොට වරාය වඩාත් සුදුසු තේරීමකි. රෝරෝ යාත්‍රා හරහා මෙවැනි භාණ්ඩ නැව්ගත කිරීම නව ප්‍රවණතාවක් බවට පත් වෙමින් තිබෙන්නේ නැව්කරුට වැයවන පිරිවැය අඩු වන නිසාය. එබැවින් අපි මෙම නව අවස්ථාව තවදුරටත් අත්හදා බැලීමට බලාපොරොත්තු වෙමු”.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නිෂ්පාදන සහ අපනයන ආර්ථිකයට යනවාය කියන්නේ දියුණු වෙන්න හොඳ මාර්ගයක් තමයි. දේශීය නිෂ්පාදන උසස් අන්දමින් නිෂ්පාදනය කරන්න අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීමට රජය ප්‍රමුඛත්වය දිය යුතුයි.
මෙහෙට ආපු කම්පැනිවලින් පගා ඉල්ලලා එම ආයෝජන නවත්තපු අය මේ රටේ නොසිටියා නම්...?
හම්බන්තොට වරාය කියන්නේ ලංකාව සිංගප්පූරුවක් කරන්න පුලුවන් දෙයක්... ගිය ආණ්ඩුව මේක විනාශ කරන්න හැදුවාට මේ ආණ්ඩුව මේක ගොඩ නගයි හොඳට... සතුටුයි, හැබැයි අවුල තියෙන්නේ වැඩි වාසි චීනෙට...
අනේ කවුරුහරි පැහැදිලි කිරීමක් කරන්නකෝ මේ වරායෙන් අපේ රජයට ඩොලර් ආදායමක් ලැබෙනවාද කියලා. නැතිනම් චීන්නු සියලුම ලාභය අරගන්නවාද? ඇත්තටම මේක අපේ මිනිස්සු විසින් කරනවට වැඩිය චීන්නු කරලා අපිටත් වාසියක් වෙනවාද කියාලා පැහැදිලි කරන්නකෝ.