
(අංජුල මහික වීරරත්න)
සහන මත යැපෙන මානසිකත්වය වෙනස් කර ස්වෝත්සාහයෙන් නැඟී සිටින ප්‍රජාවක් බිහිකිරීම රජයේ ඉලක්කය බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ දිළිඳු බව තුරන් කිරීමේ "ප්‍රජා ශක්ති" ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන “ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහනේ පුත්තලම දිස්ත්‍රික් ව්‍යාපෘති සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
නාත්තන්ඩිය, මයිලාව වැවේ ප්‍රධාන බෝක්කුවෙන් ජලය බැස යන දෙපස පැති බැමි සකස් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සිදුවූ අතර මෙයට සමගාමීව අද (02) දින දවස පුරා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ.
ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගත් නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනයට සෘජුවම දායක වන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වෙන්කර ඇති අතර, එම සියලු මුදල් මේ වන විටත් දිස්ත්‍රික්ක වෙත නිදහස් කර තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේ අතීතයේ පැවති හාල් පොත, ජනසවිය, සමෘද්ධිය, දිවිනැඟුම සහ අස්වැසුම වැනි විවිධ සහන වැඩසටහන් හරහා රටේ දරිද්‍රතාවය තුරන් කිරීමට උත්සාහ කළත්, ඒවායින් අපේක්ෂිත අරමුණු ඉටු වූයේ නැති බවයි.
"ජනතාව තවමත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල්වල හිරවෙලා. කොවිඩ් වසංගතය වෙලාවේ මේ රටේ ජනතාව රුපියල් කෝටි 18,000ක රත්තරන් බඩු බැංකුවලට උකස් කර තිබුණේ ඒ නිසයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd