
(අංජුල මහික වීරරත්න)
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවැඩි වීම් අනුව ලංකා ඉන්ධන මිල ගලප්පන්න උත්සාහ කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ආනයන වියදම් අඛණ්ඩව ඉහළ ගොස් ඇතැයි ද අමාත්‍යවරයා කීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.
ඉන්ධන ආනයනය සඳහා ජනවාරි මාසයේදී රජයට අමෙරිකා ඩොලර් මිලියන 186ක් දැරීමට සිදුවූ අතර මැයි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා රජයට අමෙරිකා ඩොලර් මිලියන 521ක් දැරීමට සිදුව ඇතැයි අමාත්‍යවරයා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd