IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හම්බන්තොට වරායේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩ සටහනක්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගෝලීය හවුල්කරු වන සී.එම්. පෝර්ට් සමාගමේ මවු සමාගම වන චයිනා මර්චන්ට්ස් සමූහයේ සමාගම් දිනය නිමිත්තෙන් වරාය සිය පළමු ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන පසුගියදා ආරම්භ කළේය.

ජෛව හායනය සිදුවන ඝන අපද්‍රව්‍ය තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා වූ මෙය උපායමාර්ගික ප්‍රවේශයකි. මෙම ක්‍රියාවලිය මඟින් අපද්‍රව්‍ය ප්‍රභවය, උත්පාදනය, වෙන් කිරීම, මාරු කිරීම, වර්ග කිරීම, පිරියම් කිරීම, ප්‍රතිසාධනය සහ බැහැර කිරීම සිදු වේ.

“මෙම වැඩසටහනේ මූලික අදහස වන්නේ වරායට පැමිණෙන යාත්‍රාවලින් ඉවතලන කුණු ඇතුළු දිරාපත් වන ද්‍රව්‍ය එකතු කර කෝම්පොස්ට් පොහොර සැකසීමයි. සැකසූ නිෂ්පාදනය වරාය සහ කාර්මික කලාපය තුළ සිටුවනු ලබන ගස් සඳහා පොහොර ලෙස භාවිතා කරන” බව, හම්බන්තොට වරායේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි, මානව සම්පත් හා පරිපාලන, ජීවන් ප්‍රේමසර මහතා පැවසීය.

CMG සමාගම් දිනයට සමගාමීව “පරිසරය සුවපත් කිරීම’ යන තේමාව යටතේ පැවැත්වූ තිරසර වැඩසටහන, ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියුගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරුණි. හම්බන්තොට වියළි කලාපයේ උද්භිද උද්‍යානය මඟින් නිර්දේශිත විවිධ ප්‍රභේදවල පැළ 500 ක් සිටුවීම ද මෙම වැඩසටහනට ඇතුළත් විය. ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන් පැළ විසිපහක් රෝපණය කළ අතර, කර්මාන්ත කලාපයේ සහ වරාය පරිශ්‍රයේ ජෛව විවිධත්වය පොහොසත් කරන ආවේණික ගස් වැඩීමට හා පෝෂණය කිරීමට වරාය සැලසුම් කරයි.



අදහස් (1)

හම්බන්තොට වරායේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ වැඩ සටහනක්

ajith Monday, 01 November 2021 07:19 AM

කුණු කන්ටේනර් තමයි ගේන්නේ ආයෙත්... විලි ලැජ්ජාවේ බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site