IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හම්බන්තොට වරායේ කර්මාන්ත පුරයට චීනයේ පුළුල් ආයෝජන ප්‍රවර්ධනයක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) විසින් හම්බන්තොට වරාය සහ එහි කර්මාන්ත කලාපය සැහැල්ලු‍ කර්මාන්ත පිහිටුවීමේ අනගි තෝතැන්නක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා පුළුල් ප්‍රවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලැබ ඇත. ඒ අනුව දක්ෂ ආයෝජකයන් රැසක් සමඟ කර්මාන්ත කලාපයට සෘජු ආයෝජන ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා සිදු වෙමින් පවතින බව හම්බන්තොට වරාය සඳහන් කරයි.

HIPG විශේෂඥ වරාය ආයෝජන කණ්ඩායම වසරක පමණ කාලයක් මුළුල්ලේ චීනයේ සිට, ශ්‍රී ලංකාවේ ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳව විදෙස් ආයෝජකයන් දැනුවත් කරනු ලබයි.

“නැගෙනහිර චීනය, බේජිං, ටියැන්ජින් සහ හෙබෙයි, යැංසි ගංගා ඩෙල්ටා සහ පර්ල් ගංගා ඩෙල්ටා කලාපයේ ආයෝජකයන්, රාජ්‍ය අංශ සහ කර්මාන්ත සංගම් ඇතුළු ව්‍යවසායකයන් සහ රාජ්‍ය ආයතන 100 කට වැඩි ගණනක් සමඟ අප දැනටමත් සම්බන්ධ වී සිටිනවා. අප කර්මාන්ත ආශ්‍රිත සිදු කළ පර්යේෂණ සහ ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් මගින් අප වටහා ගත් කරුණක් වන්නේ, විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස දැන සිටිය ද, හම්බන්තොට වරාය සහ එහි අවස්ථා පිළිබඳව දන්නේ අල්ප වශයෙන් බවයි. ශ්‍රී ලංකාව කාර්මික හා ව්‍යාපාර අංශවලින් ලෝකයට විවෘත විය හැක. ඔවුන් ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය සහ හම්බන්තොට වරාය සතු විදේශ ආයෝජන අවස්ථා පිළිබඳව නොදන්නා අතර, එම තත්ත්වය නැති කිරීමට අප පිළියම් කළ යුතු”, බව HIPG හි වරාය ආයෝජන සේවා සාමාන්‍යාධිකාරී, ජස්ටින් ෂැං පවසයි.

“විවිධ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය සපයන්නන් රාශියක් සිටින වෙළඳපොළ තත්ත්ව වලට හුරු වී සිටින චීන අයෝජකයන් හට අමුද්‍රව්‍ය හිඟයකට මුහුණ දීමට සිදු නොවේ. ආයෝජන මෙරටට ගෙන ඒමට සමගාමීව මෙවැනි පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ද ඇති කිරීම සඳහා, හම්බන්තොට වරාය ක්‍රියා කරන අතර එය අපගේ ප්‍රධාන සැලැස්මේ ද කොටසක්”, යැයි HIPGහි වරාය ආයෝජන සේවා, නීති හා ආයතනික කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ සමාන්‍යාධිකාරි ටිම් ෂියාඕ මහතා සඳහන් කරයි.

දැනට HIPG වරාය ආයෝජන කණ්ඩායම, වරාය ආශ්‍රිත කර්මාන්තවල නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු පිළිබඳව වරායේ ප්‍රධාන සැලැස්මට ගැළපෙන විවිධ කර්මාන්ත කලාපය තුළට ආකර්ෂණය කරගැනීමේ කටයුතුවල  නිරතව සිටී. රබර් හා ටයර්, විදුලි වාහන, ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ විදුලි උපකරණ, ගොඩනැගිලි සඳහා අවශ්‍ය  ද්‍රව්‍ය හා  නැනෝ ද්‍රව්‍ය යනාදිය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා කර්මාන්ත කලාප සඳහා වඩාත් ගැළපෙනු ඇත. බදු සහන, අඩු ශ්‍රම පිරිවැය, උපයෝගිතා යනාදිය මෙන්ම මෙරට  නිදහස් වෙළඳ ගිවිසුම් වලින් හිමිවන  ප්‍රතිලාභ සම්බන්ධයෙන් ආයෝජකයන් දැනුවත් කෙරේ. බහුකාර්ය සැපයුම්, වරාය පහසුකම් සහ වරායට යාබද කර්මාන්ත පුරය මගින් හිමි වන අනෙකුත් ප්‍රතිලාභ සමඟින් හම්බන්තොට වරායේ උපාය මාර්ගික පිහිටීම ආයෝජකයන්ට අමතර වාසියකි.



අදහස් (1)

හම්බන්තොට වරායේ කර්මාන්ත පුරයට චීනයේ පුළුල් ආයෝජන ප්‍රවර්ධනයක්

චන්දිම Friday, 12 November 2021 05:24 PM

අනේ කවුරුහරි ඉන්නවා නම් මට කියන්නකෝ මේ වරායෙන් අපේ රටට විදේශ මුදල් ලැබෙනවාද එහෙම නැත්නම් චීන ජාතිකයින් විතරක් මේකෙන් දැන් හම්බ කර ගන්නවාද කියන එක...

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site