අනීෂා මානගේ
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ ජනතාවට අවශ්‍ය ඖෂධ නිවෙස් වෙතට බෙදාහැරීමේ කටයුතු අද(29) දින සිට ආරම්භ කරන බව දිස්ත්‍රීක් ලේකම් ඩබ්ලිව්.එච් කරුණාරත්න මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රීක්කයේ තිබෙන රෝහල්වල තෝරාගත් ඖෂධවේදීන් යොදවාගෙන රජයේ රෝහල්වලින් ලබා ගත් ඖෂධ සායන රෝගීන්ගේ නිවෙස් ආසන්නයට ගොස් ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇතැයි දිස්ත්‍රීක් ලේකම්වරයා පැවසීය.
නිවෙස් ආසන්නට ඖෂධ රැගෙන පැමිණෙන ඖෂධවේදීන්ට තම රිසිට්පත පෙන්වා ඖෂධ ලබා ගත හැකිය.
තවද ඉන්සියුලින් වැනි ඖෂධ ශීතකරණයේ ගබඩා කර රැගෙන ගොස් බෙදාහැරීම සිදුකිරීමට නියමිතය.
රජයේ රෝහල්වල සායන රෝගීන් නොවන අයට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේ රිසිට්පත් ගම්වලට පැමිණෙන නිලධාරීන්ට ලබා දුන් පසු ඔවුන් සතු ජංගම දුරකතනයෙන්ම ප්‍රදේශයේ ඔසුසල වෙත යවා එම ඖෂධ ද නිවෙස්වලට ගෙන්වීමේ පහසුකම් සලසා ඇතැයි දිස්ත්‍රීක් ලේකම්වරයා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හම්බන්තොට ඖෂධ බෙදාහැරීම අද සිට ක්‍රියාත්මකයි