(ඉන්දිකා රාමනායක)

තණමල්විල , හම්බෙගමුව, ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී වියළි ගංජා කිලෝ 08, ග්‍රෑම් 05 ක් සන්තකයේ තබාගෙන සිටි හමුදා සෙබළකු  අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

මොහු අම්බලන්තොට, මයුරපුර ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ වයස අවුරුදු 24 ක සාමාන්‍ය සෙබළකු බවට තොරතුරු අණාවරණය වී ඇත.

ජාවාරම් කිරීම සඳහා වියළි ගංජා තොගය සන්තකයේ තබාගෙන සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.