
(අංජුල මහික වීරරත්න)
මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව දැනට පවතින බදු ක්‍රමය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.
වැට් සහ අනෙකුත් බදු එකතුව ද ඇතුළුව මෙරටට රන් ආනයනයේදී 47% ක බද්දක් පැනවෙන බව මන්ත්‍රීවරයා පැවසුවේය.
ඉන්දියාව -සිංගප්පූරුව ඇතුළු කලාපයේ අනෙක් රටවල් සමග සසඳා බැලිමේදී එය විශාල බදු අගයක් බව කරුණානායක මහතා කීය.
මීට පෙර ඉන්දියාවේ ද රන් ආනයනයේදී වැඩි බදු අය කිරීමක් සිදු කෙරුණ ද ජාවාරම් සහ වෙළඳපල පිළිබඳ සලකා බලා ඉන්දීය රජය එම බද්ද 6% ක් දක්වා අඩු කළ බව ද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.
එබැවින් අනිසි වියදමක් දැරීමකින් තොරව ගෙවිය හැකි බදු ප්‍රමාණයක් රත්‍රං ආනයනය සඳහා පැනවීමට බලධාරී අවධානය යොමු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.කරුණානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්මිල ලංකාවේ විතරද වැඩිවෙලා තියෙන්නේ? පොඩ්ඩක් හොයලා බලන්න.
තමුන් මුදල් ඇමති කාලේ ආර්ථිකය බන්කොළොත් කරන්නත් හේතුවක් වුණා. මහ බැංකු බැදුම්කර වන්චා වලටත් සම්බන්ධයි කියලා ආරන්චිය...
කුමන රටේද රන්මිල සතිපතාම වගේ ඉහළ නොගියේ?
ඇමෙරිකාවේ රත්තරන් මිල වැඩිවුණේ ලංකාවේ බදු ක්රමයේ හින්දා වෙන්න ඇති නේද? හලෝ... ඔහේ දැන්ද නැගිට්ටේ...
දැන් ලොකු කතා කිව්වාට රට බන්කොලොත් කළේ ඔඛ ඇතුළු කණ්ඩායම... තවම නිදැල්ලේ
මෙයා කලින් ලංකාවේ මුදල් ඇමතිද? නිකමට හිතන්න. ලෝකෙ පුරාම මිල ඉහළ ගිහින්. මේ අයව රටින් අයින් කරන්න ඕනේ.
මේ මනුස්සය ලංකාවෙ රන් මිල ඉහල යන්යන හේතු හැටියට කියල තියෙන හේතුව දැක්කම මම හිතුවෙ මේ මිනිස්සුන්ව රටෙ මහජන නියෝජිතයො හැටියට පත්කලේ කව්ද කියන කාරනෙ. අත්තටම මන්ද බුද්දික කාතාවක් තමයි මේ මිනිහ කරන්නෙ. මොකද ලංකාවෙ රන් මිල ඉහල යන්නඩ ප්‍රධාන හේතු වෙලා තියෙන්නෙ ලොකයේ රන් මිල ඉහහල යාමයි. මොකද ලංකාව රත්රන් නිෂ්පාදනය කරන රටක් නෙවෙනෙ. මුන්ට බූරැවො නොකිය මොනව කියන්නද