
(නිමල් ජයරත්න)
මැදිරිගිරිය අඹගස්වැව සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස්රථයක් අද අලුයම 5.00 පමණ හබරණ ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් එහි ගමන් මගීන් 20 දෙනකු තුවාල ලබා හබරණ, මින්නේරිය පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
තුවාල ලැබූවන්ගෙන් පස්දෙනකු හබරණ රෝහලටත්, පහලොස් දෙනකු පමණ පොළොන්නරුව මහ රෝහලටත් ඇතුළත් කර ඇති බව මින්නේරිය ප්රධාන පොලිස් පරීක්ෂක අනූෂ පියදාස මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
තුවාල ලැබූවන් අතර,කුඩා ළමුන් දෙදෙනකු ද වන අතර පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටින රෝගීන්ගේ තත්ත්වය් එතරම් බරපතල නොවන බව පොළොන්නරුව රෝහලේ ප්රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසීය.
බස් රථය අනතුරට පත්වීමෙන් එහි ගමන් කර මගීන්ට බරපතල තත්ත්වයේ තුවාල සිදුව නොමැති අතර,ඔවුන් සුළු තුවාල ලැබූවන් බවද පොලිසිය කියයි.
අනතුරට හේතුව අධික වේගය සහ රියදුරුට නින්දයාම බව ඒ පරීක්ෂණ පවත්වන මින්නේරිය පොලිසිය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd