
ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය, ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙයි. මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමක් වනු ඇත. ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන මධ්‍ය වාර මැතිවරණයෙන් පසු ඇමෙරිකා ඉරාන යුද ගැටුම වහාම අවසන් වනු ඇති බවය.
මේ වනවිට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වී, ඉරානයට, පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික සම්බාධක පැනැවීමක් සිදු කර තිබේ. ඒ, ඉරානය මට්ටු කිරීමේ අරමුණින්ය. එසේ ආර්ථික සම්බාධක පනවා තිබියදීත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ඉලක්කවලට ඇමෙරිකන් හමුදා පහර දීම් පවා සිදු කරයි. ඉරානය සමග ගනුදෙනු සිදු කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකාව ලෝකයේ සෙසු රටවලින් ද ඉල්ලීමක් කර ඇත.
ඇමෙරිකන් සම්බාධක හමුවේ සහ ප්‍රහාර හමුවේ ඉරානය දැඩි ලෙස අසරණ වී සිටින බවත්, නොවැම්බර් 3 වැනිදා මධ්‍යවාර මැතිවරණය අවසන් වුණු සැණින්, ඇමෙරිකා ඉරාන යුද්ධය ද අවසන් වේවි යැයි තමන් විශ්වාස කරන බවත් ට්‍රම්ප් පවසා ඇත්තේ මාධයවේදීන් නැගූ ප්‍රශ්නවලටය පිළිතුරු දෙමිණි.
කෙසේ නමුත් දේශපාලන විශ්ලේෂකයන් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සැක පළ කර තිබේ. ඒ, මධ්‍යවාර මැතිවරණය අවසන් වීමත් සමග ඇමෙරිකන් ඉරාන යුද්ධය අවසන් වන්නේ කෙසේදැයි ට්‍රම්ප් කිසිදු පැහැදිලි කිරීමක් කර නැතැයි පෙන්වා දෙමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd