
යුක්රේන ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි ගුවන් යානයට රුසියන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමට ගිය බවත්, යුක්රේන ජනාධිපතිවරයා සහ ගුවන් යානයේ සිටි සෙසු පිරිස අනූනවයනේ දිවි ගලවා ගත් බවත් විදෙස් මාධ්‍ය පවසයි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, නෝර්වේ හැරල්ඩ් රජුගේ අවමංගල්‍යයට සහභාගී වීමට ගිය යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි මෝල්ඩෝවා සිට නෝර්වේහි ඔස්ලෝ නුවර බලා ගියේ විශේෂ ගුවන් යානයකිනි.
ගුවන් යානය මෝල්ඩෝවාවෙන් ගුවන් ගතවීමත් සමග ප්‍රහාරක ඩ්‍රෝන යානයක් ඒ දෙසට පැමිණි බව පැවැසෙයි. කෙසේ නමුත්, සෙලෙන්ස්කීගේ ගුවන් යානයේ නියමුවන්ට එය මග හැර යෑමට හැකිවුණු බැවින් කිසිදු අනතුරක් සිදු නොවිණි. මේ බව අනාවරණය කර ඇත්තේ නෝර්වේ අග්‍රාමාත්‍ය ජෝනාස් ගාර් ස්ටෝර් ය.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, සැමවිටම සිටින්නේ ජීවිතය අවදානමේ දමමින් යැයි නෝර්වේ අග්‍රාමාත්‍ය ජෝනාස් ගාර් ස්ටෝර් වැඩිදුරටත් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් වැඩි විස්තර අනාවරණය වී නැත. යුක්රේන ජනාධිපතිවරයා හෝ එරට හමුදාව හෝ මේ ගැන කිසිවක් ප්‍රකාශ කර නොමැති බව ද පැවැසෙයි.
නෝර්වේ හැරල්ඩ් රජුගේ අවමංගල්‍යයට ගිය යුක්රේන ජනාධිපතිවරයා, නෝර්වේ අග්‍රාමාත්‍ය ස්ටෝර්, මුදල් අමාත්‍ය ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සහ විදේශ අමාත්‍ය එස්පෙන් බාර්ත් අයිඩ් හමුවී සාකච්ඡා කළේය. රුසියනු යුක්රේන යුද්ධය සහ කලාපීය ආරක්ෂාව එම සාකච්ඡාවලට පාදක වූ බව පැවැසෙයි.
89 හැවිරිදි වියෙහි පසුවුණු නෝර්වේ හැරල්ඩ් අභාවප්‍රාප්ත වූයේ පසුගිය අගෝස්තු 28 වැනිදාය. රජුගේ අවමංගල්‍ය උත්සවයට ලෝක නායකයන් ඇතුළු විදෙස් සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ. බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු පවා ඒ අතර සිටියේය. අවමංගල්‍ය උක්සවයෙන් පසු, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, කැනඩාව බලා ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd