
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානියා ලෙස කටයුතු කරන සයිමා වසේඩ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූවාය. ඒ ඇයට එල්ල වූ දූෂණ වංචා චෝදනාවක් නිසාය.
සයිමා වසේඩ් යනු බලයෙන් පහ කරන ලද, බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ දියණියයි.
සයිමා වසේඩට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බංග්ලාදේශ රජය වෙන වෙනම විමර්ශන සිදු කරන බව ද වාර්තා වේ.
ශිෂ්‍ය විරෝධතා හමුවේ, ෂෙයික් හසීනා ධුරය අතහැර ඉන්දියාවට පලා ගියේ 2024 වසරේදීය. හසීනාට නොයෙක් ආකාරයේ දූෂණ වංචා චෝදනාල එල්ල වී ඇත. හසීනාට පමණක් නොව, ඇගේ පවුලේ අයටත්, ඇගේ සමීපතමයන්ටත් දූෂණ වංචා චෝදනා එල්ල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd