
පැයට කිලෝමීටර් 120 ඉක්මවූ තද සුළං සහ මහ වැසි සමග ‘චාල්ස්’ සුළි කුණාටුව ඊයේ (11) පෘතුගාලයට කඩා වැදුණි. සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන් 300 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කෙරුණි. පාසල් සහ කාර්යාල වසා දැමුණි.
මහ මැසි සහ තද සුළං හේතුවෙන් බලාපොරොත්තු වූ තරම් හානියක් සිදු නොවුණත්, නගර රැසක් ජලයෙන් යටවිය. ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ විය. නිවාස ජලයෙන් යටවීමෙන් දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්වුණු බව ද වාර්තා විය.
පෘතුගාලය යනු යුරෝපා රාජ්‍යයකි. අත්ලාන්තික් සාගරයට මුහුණලා පිහිටයි. රටේ අගනුවර ලිස්බන්ය. වර්තමානයේ යුරෝපා සංගමයේ සාමාජික රටක් වන පෘතුගාලයේ ප්‍රධාන භාෂාව පෘතුගීසි වන අතර, සංචාරක කර්මාන්තය එරට ආර්ථිකයේ ප්‍රධාන අංගයකි.
‘චාල්ස්’ සුළි කුණාටුව අත්ලාන්තික් සාගරය දෙසින් රට තුළට කඩා වැදුනු බව පැවැසෙයි. සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යාඥයන් කළ අනතුරු ඇඟවීම් හේතුවෙන්, වසා දැමුණු පාසල් සහ අධ්‍යාපන ආයතන ගණන 8,000 කට වැඩි යැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd