
ආර්ජන්ටිනා නාවික සහ ගුවන් හමුදා ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කිරීමට, ඉරාන රජය පියවර ගෙන තිබේ. ඒ, ඉකුත් මාර්තු මාසයේ දී, ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ආර්ජන්ටිනාව ගත් තීරණයට එකට එක කිරීමක් ලෙසය.
නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, 'ප්‍රතිප්‍රහාරාත්මක මූලධර්ම' මත පදනම්ව, ආර්ජන්ටිනා හමුදාවේ නාවික සහ ගුවන් හමුදා ත්‍රස්තවාදී සංවිධාන ලෙස සලකන බවය. කෙසේ වෙතත්, එම නිවේදනයේ ආර්ජන්ටිනා යුද හමුදාව පිළිබඳව සඳහන් කර නොමැති අතර, මෙම තත්ත්වයෙන් උද්ගත වන සියලු ප්‍රතිවිපාකවල වගකීම ආර්ජන්ටිනා රජය විසින් දැරිය යුතු බවද එහි වැඩිදුරටත් දැක්වෙයි.
ඉරානයේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ආර්ජන්ටිනා විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ තමන් ඉරානයේ එම නම් කිරීම "සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන" බවය. මෙම පියවර කිසිදු පදනමක් නොමැති පිළිගත නොහැකි චෝදනාවක් බවද ආර්ජන්ටිනාව අවධාරණය කර ඇත. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙලෙස පළුදු වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, ඉරානය සහ ආර්ජන්ටිනාව අතර දිගුකාලීනව පවතින මතභේදාත්මක සබඳතාවල නවතම පියවර ලෙස මෙය සැලකිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd