(විනීතා එම් ගමගේ)
සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එක් කර පවතින තත්ත්වයට විසඳුම් සෙවීමට පියවර ගන්නා ලෙස යෝජනා කළත් රජය මේ වනතුරුත් ඊට ප්‍රතිචාර දක්වා නැතැයි සමගි ජන බලවේගයේ නායක සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු වුවත් මේ වනතුරුත් එවැන්නක් සිදුවී නැතැයි ද හෙතෙම කියා සිටියේය.
දෙසතියක් රැස්වීම් තහනම් කර ඇති වටපිටාවක මේ මස 19 වැනිදා දක්වා නාම යෝජනා භාර ගැනීම කොයි තරම් දුරට ප්‍රායෝගික වන්නේ දැයි විමසා සිටි ඔහු පවතින තත්ත්වය තවත් බරපතල වන්නට පෙර අවශ්‍ය ක්‍රියාමාර්ග වහා ගත යුතු යැයි ද කියා සිටියේය.
විශේෂයෙන් මැතිවරණයට වැය කරන්නට ඇති මුදල් වැය කර කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට සියලු පියවර ගත යුතු යැයි ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ ඇතුල් කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා හිටියා නම් කරන විදිහ බලන්න තිබුණා.
බලය ගන්න පොරකනවා ඇරෙන්න... අනිකාට හෙන ගහලා ගියත් කමක් නැහැ නේද සජිත්...? මැරෙනකල්ම රජයෙන් ජීවත් වෙන්න ආසයි නේද? අතක්, පයක් හොලවලා වැඩක් කරලා පුරුදු නැහැ නේද?
අනේ ලොක්කෝ.., විකාර කියවන්නේ නැතිව ඉන්න.
කොරෝන වයිරසය කියමින් "බලුපොරේ කල්දාන්න අපි ඉඩදෙන්නේ නැහැ කියලා " මොකෙක්ද එකෙක් " දිනකීපයකට පෙර තුන්ලෝකෙට ඇහෙන්න කෑගහන්න පටන්ගත්තා. එතකොට දැන් කොහෙන්ද මේ කෑ මොරදෙන්නේ...? කිසිඳු ප්‍රතිපත්තියක් නැති හාරත බූරුවන් කෙසේ රටක් පාලනය කරයිද දෙයියෝ දනී...!!!
සජියා වගේ කෙනෙක් දැක්කාමයි...
හරක් එකතුකරගෙන මොනවා කරන්නද?
මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න හදන්න එපා. ඒකෙන් වෙන්නේ තවත් පිරිහෙන එක විතරයි. මේ වෙලාවේ රජය කරගෙන යන වැඩපිළිවෙළ සාධනීයයි. හදිසි තත්වය ප්‍රකාශ කරලා ජනතාව බිය ගැන්විය යුතු නෑ. අනෙක එහෙම කළා කියලා රෝගය නැතිවෙන්නේ නෑ. ඔයාලා බලයේ හිටියා නම් වෙන්නේ මොකක්ද? ඔක්කොම වෙනකන් බලා ඉඳලා" අවදානම දැනගෙන හිටියා... ඒත් මෙච්චර දරුණු වෙයි කියලා හිතුවේ නෑ" කියලා කියයි. අපිට ඉතිහාසය හොඳට මතකයි.
දැන් ලංකාවේ අවශ්‍ය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ වගේ කාට හරි පෙනෙනවද? පක්ෂ, පාට දේශපාලනය පැත්තකට දාලා මධ්‍යස්ථව බලන ඕනෑම කෙනෙකුට පෙනෙනවා හොඳවැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා කියලා. කොරෝනා වයිරසයට මුවා වෙලා ඡන්දය කල්දමා ගන්න මාන බලන කොටසකුත් ඉන්නවා කියලා මේ රටේ මධ්‍යස්ථ ජනතාව දන්නවා.
අදහස් නම් එමටයි. එ්ත් බලයේ උන්නු කාලේ ඔය එක අදහසක් වත් පහළ වුනේ නැහැනේ? සමහරවිට පාර්ලිමේන්තුවේ බුරියානිවලට වෙන්න ඇති..?
දැන්වත් ගන්නේ නැතිව ඉන්න බැරිද? යහපාලන ආණ්ඩුව තිබුණා නම් මේ වෙනකොටත් මුළුරටම ඉවරයි නම් කීයටවත් රැවටෙන්නේ නැහැ..
සජිත් නිකම් දිව තියෙනවට මොනවා හරි කියනවා. එයා ආණ්ඩුව හසුරවන්න හදන විදිහට... ඔබ ඔහේ ඉන්න බව අපි දන්නවා නිතර නිතර අපට කියන්න ඕනේ නැත. ඔබතුමා තවම අගමැති වුනේ නැත. එම නිසා ඔබගේ සීමාවේ ඔබ ඉන්න...
ඔයා කියන්න ඕනෑ නැහැ හලෝ... ඒවා හැමදෙයක්ම පිළිවෙලකට වේවි... අපි මේ කල්පනා කලේ බැරි වෙලාවවත් මේ වසංගතය තමුන්ලාගේ කාලේ ආවානම් මේ වෙනකොටත් රටෙන් බාගයකට වඩා ඒක හැදිලා. අපේ වාසනාවකට දැන් එහෙම තත්වයක් නැහැ මේ රටේ කෙලින් තීරණ ගන්නා නායකත්වයකුයි ඕනෑම දේකට ඔරොත්තු දෙන හමුදාවකුයි ඉන්නවා අපිට විශ්වාසයි අවම හානියක් අපේ රටට වේවි කියලා...
මේක මුළු ලෝකයටම ගැටළුවක්... ලාංකිකයින් විදිහට එක්වී එයට මුහුණ දෙමු. කපටි තක්කඩියන්ගේ මාර්ගෝපදේශයන් අනවශ්‍යයි.
ඇත්තටම මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද? මෙයා කියවනවා විතරයි කියලා...
මෙයාගේ ලොක්කා හැම ප්‍රශ්නයකටම කලේ කොමිටියක් දාලා මිනිස්සුන්ට ප්‍රශ්නේ අමතක වෙන්න අරින එක... මෙයත් හදන්නේ සංගමයක් පිහිටුවලා, හදිසි තත්වයක් දාලා වැඩේ කල් අල්ලන්න...
ඇත්ත, බලයට පෙරේත අය මුළුරටම වනසනවා...
අනේ නිකන් ඉන්න සජිත් කයිවාරු නොගහ... හදිසි තත්ව ගැන ඔයාට මොනවාද තියෙන අත්දැකීම්? ඔයාගේ තාත්තගේ මෝඩකම නිසා ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර යූඇන්පීය කඩාගෙන ගිහින් රාජාලියා හදපු වෙලාවේත්, ඔයාගෙම පියාට එරෙහිව දෝෂාභියෝගය ගෙනාපු වෙලාවෙත් පක්ෂයයි, ආණ්ඩුවයි රැක්කේ රනිල් වික්‍රමසිංහ... තමුන්ගේ තාත්තා මැයි දිනයේදී මහපාරේ මැරෙද්දී පක්ෂයයි, ආණ්ඩුවයි, රටයි රකින්න පෙරට ආවේ රනිල් වික්‍රමසිංහ... අපේ නායකයෝ එකා පිට එකා කොටින් මරද්දී වගේම.., විධායක ජනාධිපති තුන්දෙනෙක් එක්ක හැප්පිලා පක්ෂය රැක්කේ එතුමා... තමුන් වගේම අද ඔය තමුන් වටේ ඉන්න කිනිතුල්ලෝ එදා ඉඳන්ම කලේ එතුමන්ගේ කකුල් දෙකෙන්ම ඇදීම... සිරිසේනව ජනාධිපති කරලා වැටිලා හිටපු පක්ෂයයි, රටයි ගොඩගත්තේ එතුමා මුල්වෙලා. සිරිසේන මහින්දට අගමැතිකම දීපු වෙලාවෙත් අපේ පාක්ෂිකයන් එකට විරුද්ධව පාරට බහිනකොට තමුන් ගියේ කොන්ඩේ කපන්න. ඊට පස්සෙත් බැලුවේ සිරිසේනට පිටුපාලා පිනට අගමැති වෙන්න. පාස්කු බෝම්බය පුපුරපු වෙලාවේත් එතුමා තමයි ආරක්ෂක මණ්ඩලය වහාම කැඳවලා ක්‍රියාත්මක වුනේ... තමුන්ලා වගේ කෙලෙහිගුණ නොදත් දුදනෝ ජනාධිපති වුනේ නෑ වගේම අගමැති වෙන්නෙත් නෑ.
මඩ කාරියෝ ටික කිට්ටු කරගන්නේ නැතුව ඔහොම යං...
බුද්ධිමතුන් මේ වෙලාවේ හැසිරෙන විදිය ඉතා පැහැදිලිව පේනවා. මේ වගේ කතා කියන අය අතේ ඇඟිලි ගණනටත් අඩුයි. අපේ වාසනාවට මෙයා පැරදුනේ... පැහැදිලිවම මෙයා කොරෝනාවෙනුත් ඡන්ද හොයන්න යනවා. ඒකෙන් වෙන්නේ මෝඩ ගතිය, අනිත් අයටත් ප්‍රදර්ශනය කරලා තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න එක...
මොළේ කළඳක් නැති, පිස්සන්ගේ අදහස්වලින් වැඩක් නැහැ. ජනාධිපතිතුමා ඒ වැඩ බුද්ධියෙන් කරගෙන යන බව පේන්නේ නැද්ද...?
අපේ රටට කෙලින්ම හෙනගහපු අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරය දවස්වල ඔය කටට ඉබ්බෝ දාලද හිටියේ? නැත්නම් හරීන් යාලුවා කිව්වද හොඳට හැංගිලා ඉන්න කියලා. පුළුවන් නම් පාස්කු ප්‍රහාරයෙන් වසරක් පිරෙන 2020 අප්‍රේල් 21 ඔය කටින්ම ඒ ප්‍රහාරයත් එයට උල්පන්දම් දීපු කට්ටියවත් බය නැතුව විවේචනය කරන්න...
තාත්තට තිබුණාය කියන දේශපාලන කාණු කට මුන්නැහේටත් ඒ විදියටම තියනවා.. මේකෙනුත් දේශපාලන වාසි අරගෙන කාලකන්නියෙක් නොවී ටිකක් කට වහගෙන හිටියොත් ඡන්ද ටිකක් වැඩිවේවි...!!!
මෙයා හදන්නේ කල දුටුකළ වල ඉහගන්න. ඔබ නිකම්ම නිකන් රටවැසියෙක් පමණයි. මේ ගැන අවබෝධයක් තිබෙන අය ඒ සම්බන්ධව කටයුතු කරාවි. රජයට උපදෙස් දෙන්න මේ සම්බන්ධව කටයුතු කරන රාජ්‍ය නිලධාරින් සිටියි. පව් නොදී සිටියොත් හොඳයි...
උම්බෑ කියන්න එපා.