
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය විසුරුවා හැර රග්බි පරිපාලනයට කමිටුවක් පත්කිරීමෙන් සිය කීර්තිනාමයට සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට වූ හානියට රුපියල් මිලියන 500 ක් හෙවත් රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා හිටපු සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පැවසීය.
රග්බි පරිපාලනය විසුරුවාහැර කමිටුවක් පත්කිරීමෙන් තමන් වසර 30 කට අධික කාලයක් රග්බි පරිපාලනයේ ගොඩනගාගෙන තිබූ කීර්තිනාමයට විශාල කැළලක් වූ බව කී ඉල්ලියාස් මහතා ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව පවත්වාගෙන යන නඩුව තව දුරටත් පවත්වාගෙන යන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු රග්බි සභාපති කෝටි 50 ක් වන්දි ඉල්ලයි