
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයෙන් මෙන්ම දේශපාලනයෙන් ද සමුගත් ඩේවිඩ් කැමරන්, යුක්රේන යුද ගැටුම් හේතුවෙන් පෝලන්තයට පලා යා යුක්රේන වැසියන්ගේ පිහිටට ඉදිරිපත් වී සිටී. ඒ ට්‍රක් රථ රියදුරකු ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර, ඇඳුම් පැලඳුම් ආදිය රැගෙන යමිනි.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ සහායට ඔහුගේ සමීපතමයන් දෙදෙනකු ද ට්‍රක් රියෙන් ගමන් කරන බව බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කරයි.
දේශපාලනයට සමුදිමෙන් පසු කැමරන් සමාජ ක්‍රියාකාරියකු ලෙස විවිධාකාරයේ සමාජ සත්කාර වැඩසටහන්වලට සම්බන්ධ වී සිටී.
මේ මොහොතේ ඔහු යුක්රේනය වැසියන්ට ආධාර රැගෙන යන්නේ 'චිපි ලැඩර්' නමැති බටහිර ඔක්ස්ෆර්ඩ්ෂයර්හි ක්‍රියාත්මක ආහාර වැඩසටහන සමඟ එක්වෙමිනි.
පෝලන්තය යනු යුක්රේනයේ අසල්වැසියාය. පෝලන්තයට පැමිණි යුක්රේන සරණාගතයන්ගේ තත්ත්වය ඛේදනීය බවත් ඔවුන්ට බ්‍රිතාන්‍ය වැසියන්ගේ සහාය අවශ්‍ය බවත් කැමරන් ස්කයි නිවුස් පුවත් සේවයට අදහස් දක්වමින් පවසා තිබේ.
මේ අතර, මාධ්‍ය කළ අදහස් විමසුමකදී බ්‍රිතාන්‍ය වැසියන් වැඩි දෙනා පවසා ඇත්තේ තමන් ඕනෑම අවස්ථාවක යුක්රේන සරණාගතයන් වෙනුවෙන් තම නිවසේ දොර විවෘත බවය.
(ස්කයි නිවුස්)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු බ්‍රිතාන්‍ය අගමැති ට්‍රක් රියදුරෙක් වෙලා
Perera Monday, 21 March 2022 11:43 PM
ලංකාවේ හිටපු අගමැතිවරු, ජනාධිපතිවරු පාර්ලිමේන්තුව ඇතුලේම කුණු වෙවී ඉන්නවා.