
(අංජුල මහික වීරරත්න)
කොළඹ නාගරික ජනතාවට නිවාස පහසුකම් ලබාදීම වෙනුවෙන් ඉදිකරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස්, ස්ටේඩියම්ගම "Port View Residencies"නව මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම අද (15) සිදු කෙරිණ.
නව නිවාස සංකීර්ණයේ නිවාස ලාභීන් වෙත හිමිකම් ඔප්පු සහ නිවාස යතුරු නිල වශයෙන් බාරදීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සංවර්ධන සැලසුම්කරණයට අනුගතව නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියට සහයවීමේ ව්‍යාපෘතිය මගින් මෙම මහල් නිවාස සංකීර්ණය ඉදිකර ඇත. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 9,866 කි. මූල්‍ය ප්‍රතිපාදන ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර යටතේ ලබාදී ඇත.
මහල් 15 කින් යුතුව ඉදිකර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය වර්ග අඩි 500 ක ප්‍රමාණයේ නිවාස ඒකක 1,000 කින් සහ ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් ලබාගත හැකි අංගවලින් සමන්විතය.
නිවාසලාභීන්ගේ පොදු අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රජා ශාලාවක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, පොලිස් මුරපොලක්, ග්‍රාම නිලධාරී කාර්යාලයක්, ගිනි නිවීමේ ඒකකයක්, සුපිරි වෙළෙ ඳසැලක්, ළමා උද්‍යානයක් සහ අත්පන්දු ක්‍රීඩා කිරීම සඳහා ස්ථානයක් ඇතුළු පහසුකම් රැසක් සහිතව ඉදිකිරීම් නිමකර ඇත.
මහල් නිවාස යෝජනා ක්රමයේ ජනතා පහසුකම් වැඩිදියුණු කිරීම යටතේ පූර්ණ යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියක් සිදුකෙරේ. ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සහ ඇල මාර්ග පද්ධතිය සංවර්ධනය, නව ප්‍රජා ශාලාවක් ඉදිකිරීම හා පවතින ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීම ද මෙයට ඇතුලත් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd