
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා - ඉරාන යුද්ධය සහ හූති - සෞදි ගැටුම් හේතුවෙන් නැව් සඳහා භාවිත කරන ඉන්ධන මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව ගෝලීය වෙළෙඳපොළ දත්ත වාර්තා පෙන්වා දුන්නේය. මැද පෙරදිග අර්බුදය හේතුවෙන් දිනකට යුරෝ මිලියන 340 ක මුදලක් අමතර ඉන්ධන වියදම ලෙස දැරීමට සිදුව ඇතැයි එම දත්ත වාර්තාවල දැක්වේ.
සිංගප්පූරු වෙළෙඳපොළේ නැව් සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන ඉන්ධන වර්ගයක් වන ඉතා අඩු සල්ෆර් සහිත ඉන්ධන තෙල් (VLSFO) මිල යුද්ධයට පෙර පැවති මිලට වඩා සියයට 60කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි එම දත්ත වාර්තාවල දැක්වේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ප්‍රවාහනයට ඇති බාධා සහ මැදපෙරදිග මුහුදු මාර්ගවල පවතින අවදානම් හේතුවෙන් නැව් ඉන්ධන වෙළෙඳපොළට මෙලෙස බලපෑම් එල්ල වී තිබේ.
නැව් ඉන්ධන මිල ඉහළ යාමෙන් නැව් යාත්‍රා කිරීමේ වියදමද ඉහළ යන අතර, එම වියදම භාණ්ඩ ප්‍රවාහන ගාස්තුවටද බලපෑම් එල්ල කරන අතර එය වක්‍රව ගෝලීය වෙළෙඳාමටද බලපෑම් ඇති කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd