(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කළ බවට චෝදනා කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දීර්ඝ ලිපියක් යවා ඇත.
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීම , පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වීම ඇතුළු කරණා කිහිපයක් සම්බන්ධයෙන් විවේචනය කරමින් මෙම ලිපිය යවා තිබේ.
එක් එක් කරුණු පිළිබඳ දීර්ඝව පැහැදිලි කරමින් යවා ඇති එම ලිපිය පිටු 12 කින් සමන්විත වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය විනාශ කළා..
යනඑනමන් නැතුව අන්ත අසරණ වෙලා ඉන්න මේ මොහොතේ පිටු 12ක් තියා එක වචනයක්වත් කියවලා තේරුම් ගන්න කාටද අප්පා සිහි කල්පනාවක් තියෙන්නේ...?
2015 - 2019 කාලය තුලදී, "ජරාපාලනය" අකුරටම ක්‍රියාත්මක ඔබ, වසර 10කින් පමණ මහින්ද ඉදිරියට ගෙනා රට, දශක 2කින් පස්සට තල්ලු කළා. ඒවගේම, නිදහස 1948 ලැබුවායින් පසු, 2000/2001 වසර දෙකේදී, ආර්ථිකය රින (-) වර්ධකයකට ගෙන ඒමෙන්, ඔබතුමියත් ඉතිහාස ගතවෙනවා. ඊටත් අමතරව පූනරින්, අලිමංකඩ, මාන්කුලම්, මුලතිව්.. හමුදා කඳවුරු "ප්රභාකරන්"ට බාරදීමෙන් ඔබතුමිය ලෝක වාර්තාවකුත් තබා ඇත. පිටු 12 ඔබේ පණිවිඩය මම පේළි 5න් සාරාංශ කළා...
අනේ එයාට ලිව්වට තේරෙන එකක්යැ. ලෝකෝත්තරයෙක්....
එකතරා ප්‍රස්තා පිරුළක තියෙන්නේ 'කේතලේ මුට්ටියට කියනවා උඹ කලුයි' කියල. මේ ඩබලත් ඒ වගේ තමයි. එකිනෙකාට බැණ ගන්නවා. දෙන්නම පක්ෂය කෑව විතරක් නෙමෙයි ආත්ම ගෞරවයත් කා ගත්ත. අද කවුරුවත් ගණන් ගන්නේ නෑ. අවලංගු කාසි දෙකක්.
පිටු12 එක වාක්‍යයෙන් කියන්නත් පුළුවන්. "1980 ගණන්වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකටම කඩලා මහජන පක්ෂය හදපු චන්ද්‍රිකා තමයි දැන් පැටවුන්ට කෙලින් යන්න හදන කකුළුවා."ඔය ලියුම තමුන්ටයි වෙල්ගමටයිත් තැපැල් කරගත්තා නම් ගොඩක් හොඳයි මේ දවස්වල සජිත්ගේ වේදිකාවේත් වැඩ කරන්න යන හින්දා...
චන්ද්‍රිකා මහත්මිය 1994දී නායකත්වය නොගන්න ශ්‍රී.ලං.නි. පක්ෂය තවමත් විපක්ෂයේ... මහාචාර්ය හාමුදුරුවරු එදා චන්ද්‍රිකා මහත්මියව වර්ණනාකලේ ජාතියේ පිනට පහළවුණු දූ කුමරිය කියලයි. නමුත් විශේෂ දක්ෂතාවයක් නම් තිබුනේ නැහැ.කොහොම නමුත් මහින්ද මහතාටත් බලයට එන්න අවස්ථාව ලැබුනේ ඇය 1994දී රටේ බලය ලබාගත් නිසයි.1989 මැතිවරණයෙන් ශ්‍රී.ල.නි පක්ෂය අත්තනගල්ල දිනුම් බෙලිඅත්ත පරාදයි...
ස්වාධීනව ප්‍රබල පක්ෂයක් විදියට තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වුනේ රනිල්ගේ කපටිකමට අසුවෙලා එක්සත් ජාතික පක්ෂය එක්කල අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම නිසයි. රනිල් බැලුවේ තමන්ට කවදාවත් ගත නොහැකි තුනෙන් දෙක මේ ක්‍රමයට හදාගෙන අවස්ථාව අාපු වෙලාවට විධායක බලය තමන් අතට ගන්න. ඔබතුමිය ඒ ගැටයට අසුවුණා. එ්ක නිසාම එදා ජනතා විමුක්ති පෙරමුණ ඉවත් කරලා රාජපක්ෂ ජනාධිපතිතුමාට කරු සහ ඔහුගේ කණ්ඩායම සමග එක්වෙන්නට සිදුවුණා. ඊළඟ වතාවේ රනිල්ගේ සට කපට න්‍යාය මෛත්‍රීපාල මැතිතුමා බිල්ලට ගත්තා. මේ සියල්ලටම අමතරව රටේ ප්රජාතන්ත්රවාදය නැතිකරලා කුලී කාරයින් රැලක් පාර්ලිමේන්තුවට යවන ක්‍රමයක් රනිල් ජනතා ඇස් වසා ඇතිකරගත්තා. මේ කූට උපායෙන් ගැලවෙන්න ගතහැකි එකම පියවර ලෙස අද එතුමාලා වෙනමම පොහොට්ටු පක්ෂයකින් ඉල්ලනවා. මේ සේරටම මුල ඔබතුමියගේ අමන අදුරදර්ශී රහස් අවබෝධතා ගිවිසුමයි. එය අන්ධානුකරණයෙන් සිටින රටේ සාමාන්‍ය ජනතාවට නොතේරුණත්, එදා මෙදා සිදුවීම් සංසන්ධනාත්මකව බලන බුද්ධිමතුනට රහසක් නොවෙයි. තව දුරටත් පිටු ගණන් නවකතා ලියලා ජනතාවත්, රටත් පාක්ෂිකයිනුත් රවටන්නට එපා.
අතගහපු පක්ෂ ඔක්කොම විනාශ කර දෙන පොදු පෙරමුණ විනාශ කරන්න තමයි මාන බලන්නේ...
උකුසු සිරාට ඔය මොකුත් තේරෙන්නේ නැහැ. උකුසු සිරා හිතන්නේ උකුස්සෙක් වගේ මොකක් හරි පිල්ලි ගහන විදියක් ගැන පමණයි. ඔහු එ්ක ඔහුම කියලා තියෙනවා. මේ තරම් ශ්‍රේෂ්ට පක්ෂයක් විනාස කරපු එකට ඒ සියලු දෙනා වගකිව යුතුයි.
සුජීව කියන කතාව සම්පූර්ණ ඇත්ත. පක්ෂය විනාශ කිරීමේ මූලික අඩිතාලම දැමේ චන්ද්‍රිකා. පියා හදපු පක්ෂය විනාශ කරපු හැටියට නම් ඉතිහාසගත වාර්තාවක් තිබ්බා. මුලු පක්ෂයම එජාපයට හේත්තු කරලා තාත්තා කරපු වැඩෙි ආපහු පස්සට හැරෙව්වා. 2015දී මෛත්‍රී අමාරුවේ දාලා 2020දී වෙල්ගමවත් අමාරුවේ දැම්මා. එයත් හිතන්න ඇති 2015 ඡන්ද ටික ලැබේවි කියලා. වෙල්ගමත් ඉවරයි...!!
මුලින්ම පක්ෂය කඩාගෙන ගිහිල්ලා විජයත් එක්ක වෙන පක්ෂයක් හැදුවේ කවුද?
එයා හරියට කතා කරන්නේ පක්ෂයට විශාල සේවාවක් කරපු කෙනෙක් වගේනේ.. අමාරුම කාලේ රටින් පැනලා ගිහිල්ලා හැංගිලා ඉඳලා නැවත තත්වය හොඳ අතට හැරීගෙන එන වෙලාවේ නැවත ඇවිත් බණ්ඩාරනායක නම නිසා ඡන්දෙ ලබාගෙන බලයට ආවට ඔබ කවුද මොනවද කලේ කියලා ජනතාව දන්නවා. 1994 දී ජනතාවට UNP ය එපා වී තිබූතරම කොතෙක්ද කියනවා නම් ඔබ වෙනුවට ඩමියක් ඉදිරිපත් කර ඡන්දය දෙන්න කිව්වත් ඒ තිබූ වාතාවරණය යටතේ දිනනවා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි, ජනතාවට UNP ය ඒ තරමටම එපා වී තිබූ නිසයි. බලයට පත්වූ ඔබ මිස්ට ප්රභාකරන්ට කොහොමද සැලකුවේ කියලත් ජනතාව දන්නවා. "ඕවා දෙනු පරහට, තමා සම්මතයේ පිහිටා සිට..."
මෙයා ප්රභාකරන් මහතාටත් ලිපි වගයක් ලිව්වා නේද? වැඩක් වුණාද?
ඔය දෙන්නාගෙන්ම සත පහක වැඩක් නෑ..
එය ශ්‍රී ලංකා නිදහස පක්ෂය විතරක් නෙවෙයි එජාපය එකත් භාගෙට කෑවා. දැන් පොහොට්ටුවත් කමින් යනවා. පොළොන්නරුවෙන් තමයි පොහොට්ටුව කන්න පටන් ගත්තේ කිසිම පැහැදිලි ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක්...
මහින්ද ඉදිරියට ගෙනාපු එකේ ප්‍රතිඵල දැන් ඇත. ණය කන්දකින්. රටම චීනයට යට කරපු..., නීතිය බල්ලට දාපු පවුල් පාලනය නවත්තලා රට හැදුනේ 2015 ඉඳන්...
පක්ෂය විතරක් නෙමෙයි රටම කෑවා. දැන් ඉතින් ආයෙත් අනිත් හොරු ටිකත් එක්ක එකතුවෙලා අපිව අන්දන්න හදයි. අපේ සමහර බයියොත් කඩේ යයි.
මෙයා රනිල්ට, එජාපයට කඩේ යන කෙනෙක්. එහෙනම් මෙයාට අම්බලමක නවාතැනක් ලැබෙයි... ගිහින් බලන්න.
අපිට මෙයාලා ගැන දැනගන්නට වුවමනාවක් නැත.
තාත්තාගේ කාලයේ දී සිංහල පමණක් සංකල්පය නිසා මහා ජාතිවාදී අරගලයක් ලංකා භූමිය තුළ ඇතිවී රට වැසියන් ගණනකගේ ජීවිත අහිමි උනා. අම්මාගේ කාලයේදී සිංහල තරුණයන්ට දුන් බොරු පොරොන්දු නිසා මහා සන්නද්ධ අරගලයකින් දහස් ගණන් තරුණ ජීවිත නැති උනා. දුවගේ කාලයේදී ජාතිවාදී ප්‍රශ්ණ හරිහැටි කළමණා නොකිරීම නිසා සන්නද්ධ දෙමළ තරුණ ජීවිත රැසක් නැති උනා. කෑදරකම නිසා නැවැත දේශපාලනයට රිංගා තවත් මහා විනාශයක් නොකර ගෙදරට වෙලා ඉන්නවා නම් හොඳයි.
මැඩම්ට කළදේම තමයි මෙයාටත්.......
මැඩම් කීදේ ඇහුවනම් මෙයාට හා පක්ෂයට මෙහෙම වෙන්නේ නෑ.
මැඩම් මෙයා පාස්කු ප්‍රහාරයේ පළවෙනි සැකකරු විදිහට ඡන්දෙන් පස්සේ මෙයා නතර වෙන්නේ රජගෙදර නොවේ. හිරගෙදර........ ලියලා තියාගන්න.
දුර්වල නොවේ, මෙයා පක්ෂය විනාශ කළා. රාජපක්ෂලාට වික්කා...