කොටි සාමාජිකයින් නියෝජනය වන උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හතරක් ඇතුළු බලවේග කිහිපයක් ඒකරාශි කරගත් නව දේශපාලන පක්ෂයක් විමුක්ති කොටි සාමාජිකයින්ගේ ජනතා සංසදය නමින් පිහිටුවාගෙන තිබේ.
පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ගේ පක්ෂය,ප්‍රජාතන්ත්‍ර සටන්කරුවන්ගේ පක්ෂය,දෙමළ මව්බිම පක්ෂය,දෙමළ ජාතික පක්ෂය සහ සංවිධාන කිහිපයක් ඒකරාශී වෙමින් පක්ෂය පිහිටුවාගෙන තිබේ.
විමුක්ති කොටි ජනතා සංසදයේ සමාරම්භක අවස්ථාව ලබන 25 වනදා කිලිනොච්චියේදී සංවිධානය කර ඇති අතර එදිනට පෙර පක්ෂයේ සභාපති මහ ලේකම් ඇතුළු තනතුරු සදහා නියෝජිතයින් පත්කර ගැනීමට නියමිතය.
කාලීන දේශපාලන හා සමාජීය තත්වය හමුවේ විසිර සිටින හිටපු කොටි සාමාජිකයින්ගේ දේශපාලන බලවේග ඒකරාශී වී පොදු අරමුණකින් කටයුතු කිරීම ඉහත පක්ෂ හා සංවිධාන ඒකමතිකව තීරණයක් ගෙන තිබුණු අතර මෙම බලවේග විසින් ස්ථාපිත කර ගන්නා පක්ෂයේ නම තීරණය කරගනු ලැබුවේ වව්නියාවේදී පසුගිය බදාදා පැවති සාකච්ඡාවේදීය.
නව පක්ෂයට විමුක්ති කොටි සාමාජිකයින්ගේ යන නාමය අනිවාර්යයෙන්ම තිබිය යුතු බවට සියළු දෙනාගේ අදහස වී ඇති අතර මුලින්ම මෙම පක්ෂයට දෙමළ ජනතා විමුක්ති කොටි සාමාජිකයින්ගේ පක්ෂය වශයෙන් නම් තබා ඇත.කෙසේ නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ එම නාමය සහිත දේශපාලන පක්ෂයක් ලියාපදිංචි වී තිබීම මත විමුක්ති කොටි ජනතා සංසදය වශයෙන් ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් මෙම පක්ෂය පිහිටුවාගෙන තිබෙන අතර පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියේදී එළිදැක්වීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි කියලා හිතාගෙන වැඩ කරන්න යන එක ඒ තරම් හොඳ දෙයක් නොවේ. කොටින්ගේ අරමුණු වෙනුවෙන් කැප නොවී උතුරේ ජනතාවගේ ඇත්ත අරමුණු වෙනුවෙන් වැඩකරන්න. ඔයාලා හිතනවා නම් කොටි කියන නම හොඳයි කියලා දාගත්තට කමක් නැහැ. හැබැයි ගොඩක් සාමාන්‍ය දෙමළ මිනිස්සු ඒ නමට කැමැති නැහැ.
මෙවැනි ක්‍රියා නතර කරන්න ජනපති මැදිහත් වෙන්න ඕනේ. අපේ රටට නැවත අරගල ඕනේ නෑ. දිනූ සාමය රැකගනිමු.