මහින්ද නිශ්ශංක
දුම්රිය රියදුරන් හෙට (5) මධ්‍යම රාත්‍රීයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇතැයි ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.
දුම්රිය රියදුරන් බඳවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් වයස අවුරුදු 45 ට වැඩි දුම්රිය සේවකයින් 12 දෙනෙකු දුම්රිය රියදුරන් ලෙස බඳවා ගැනීමට බලධාරීන් ගෙන තිබෙන තීරණයට විරෝධය දක්වා මෙම දුම්රිය රියදුරු වර්ජනය ක්‍රියාත්මක කරන බව ද කී ලේකම් ඉන්දික මහතා වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාවය ගැන සංගමය කණගාටුව ප්‍රකාශ කරන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙන් අහන්නැතුව කව්ද වර්ජනය කරන්න කිව්වේ?
මිනිසුන්ගෙන් ගුටි කන්න ලැහැස්තිවෙලා ස්ට්‍රයික් කරන්න ආණ්ඩුව කරන වැරදිවලට සාමාන්‍ය මිනිස්සු පලි නෑ. ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන්න අලුත් ක්‍රම හොයා ගන්න ඔයාලා...
ප්‍රවේසම්වන්න... කඩාකප්පල්කාරයින්ව දීමනා රහිතව සේවයෙන් අස්කරනු ලැබේ. ප්‍රවේසම්වන්න...!
අයියෝ මෙහෙමත් නරුමයන් පිරිසක් තම දෙපාර්තමේන්තුවේම වැඩකර උසස්වීම් ලැබූ පිරිසකට නේද මොවුන් අකුල් හෙලන්නේ? සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ සිටින සෑම කෙනෙකුටම උසස්වීම් දීමේදී වයස බලපාන්නේ නැහැනේ. මොවුන් එයවත් දන්නේ නැද්ද?
රියදුරන් මදි නිසානේ රියදුරන් ගන්නවා ඇත්තේ. ඒකට මුළු සේවයම වර්ජනය කරන්න ලෑස්ති වෙන මේ අය නේද පඩි මදි කියලා එක්කෝ වර්ජනය කරනවා මේවා රජය විසදුම් දුන්නත් දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් නේද මේවා ගෙවන්නේ. අන්තිමට කෙලවෙන්නේ අපිටම නේද මේ රටට දරදඩු පාලනයක් නැතුව බැ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි එක්ක හැම කෙනාම සෙල්ලම කරන්න පටන් අරන්
ඇයි මේ තරම් ඉරිසියා තවත් කෙනෙකුට හරියනවට. දැනට සිටින රියදුරන්ගේ වැටුපෙන් අඩුකරලද අලුතෙන් බඳවාගන්න දොළොස් දෙනාට වැටුප් ගෙවන්නේ ?අන්න එහෙම කලානම් විරුද්ධ වුවාට කමක් නැහැ. සතුන් මරාගෙන කන තිරිසන් සතුන් පවා තමන්ගේ කුසගින්න නිවුනට පසු තමන් දඩයම්කල සතාගේ මස් වෙනත් සතුන්ට කන්න ඉඩහරිනවා.
ඔපරේටින් ඉංජිනියර්ස් නැතුව මේවට උසස් පෙළ සමත් ළමයි පුහුණු කරල දාන්න බැරිද? ඇයි ඉංජිනේරුවන් දාන්නේ?
සීසන් අරන් යන දුම්රිය මගීන් එකට පෙළගැසෙන්න කාලය හරි... කවුද අපේ සීසන් එකේ පාඩුව පියවන්නේ? මගී අයිතීන් වලට මොකද වෙන්නේ?
තර්ජන, ගර්ජන, වර්ජන දාගෙන මුළු රටම බයකරගෙන ? මොනවද මේ ? රස්සාවල් නැතුව ඉන්න මේ තරුණයින්ට ඒ රස්සාවල් දුන්නනම් හොඳයි නේද ..
ප්රශ්නය ජනතාවට බේරගන්න විසිහතර පැයක් දෙන්න. ඉන්පසුව රජය මැදිහත්වෙන්න. ජනතාව මේ අය ඉන්න තැන්වලට හොයාගෙන ගොස් ප්රශ්නය විසදා ගනීවි. රටේ ජනගහනයෙන් විසි දෙකෙන් පංගුවක් පමණි රජයේ සේවකයන් සිටින්නේ මේ රටේ. ඔව්න් හැමදාමත් ජනතාවගෙන් පළිගන්නවා ඉතාම අසාධාරන අන්දමින්. මේ ප්රශ්නය වර්ජනය කලයුතු ප්‍රශ්නයක් නෙමෙයි. සේරටම කලින් දුම්රියේ සේවකයන්ගේ පඩි විස්තරයක් ජනතාවට දැනගන්නට සලස්වන්න එතකොට ජනතාව හදවතින්ම ප්රශ්නය බේරගන්න මැදිහත්වේවි ....
ඇමති කවූරු උනත් දුක් විදන්නේ මගී අපි
කණගාටුවෙන් වැඩක් නෑ. ඔබලාගෙ ප්‍රශ්න වලට මගීන් බිල්ලට දෙන්න එපා. ඒ වගේම සීසන් වලින් යන මිනිස්සුන්ට වෙන පාඩුව ඔබලාගෙ අතින්ම ගෙවන්න ඕනි. බස් යන්න අමාරු තැන් තියෙනවා කෝච්චි විතරක් යන. සමහරු එදා වේල හොයාගෙන කන්නෙ. මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්ඩ ඕනි සීමාවකට. ඕනෑවට වඩා නෙවෙයි!
රජයේ සේවයට බඳවා ගැනිමට වයස් සීමා ඇත. ඒවා පිළිපැදිය යුතුය පටහැණි වීම වෙනත් අරමුණක් තිබේද
අන්තිමට දුප්පත් ජනතාව අමාරුවේ වැටෙන එක විතරයි වෙන්නේ මේ හැමදේකින්ම.
මේක පෞද්ගලික කරන්න ඉක්මනටම ....... කරුණාකර ....