
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සෙස් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති හෙයින් බදු එකතු කර ගැනීමේ රජයේ නව වැඩපිළිවෙළ කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි
ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයෙන් ආනයන ආර්ථිකයකට ගමන් කරනවා. 2029 වන විට සෙස් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණද වෙළඳ සමතුලිතතාවයට ඇති විය හැකි බලපෑම පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කරනවා. මේ ගැන රටට පැහැදිලි කිරීමක් අවශ්‍යයි.සෙස් එක සහ පැල් එක 2029 වන විට ඉවත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වෙලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කලබල වෙන්නැතිව ඉන්නකෝ හලෝ, දන්න මිනිස්සුන්ට ඕක කරගන්න දීලා.