
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපොළ අවට ප්රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට මුහුණ පාමින් සිටින අතර, එනිසා ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතින නිසා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04 කට පමණ පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් , ඒ සදහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිතා කරන ලෙසත් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා අද (22) දින පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ නයිකන්ද ප්රදේශය ගංවතුරින් යට වී ඇති අතර, කෝවින්න ප්රදේශය ද ගංවතුර ආපදා තත්වයට ලක් වී තිබේ.
එනිසා විකල්ප මාර්ග භාවිතා නොකර ප්රධන අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් දැනුම් දී සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd