
(අජිත්ලාල් ශාන්ත උදය සහ ජයන්ත නානායක්කාර)
සූරියකන්ද පොලීසියේ හිටපු ස්ථාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ මධ්‍යම අපරාධ ඒකකය විසින් ප්‍රශ්න කිරීම සදහා කැදවීමෙන් පසු අද (06)ද අත් අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂක වරයෙක් සහ කොස්තාපල්වරයෙකි. පොලිස් පරීක්ෂකවරයා සූරියකන්ද පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියදී මීට දින කිහිපයකට පෙර රත්නපුර පොලීසියට මාරුකළ නිළධාරියෙක් බවද පොලීසිය පැවසීය .
ගෝණෙකු දඩයම් කිරීමේ සිද්ධියකට මොවුන් සම්බන්ධ බවට පසුගිය දිනවල වල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස ප්‍රචාර විය. සිවිල් ඇදුමින් සැරසී ගිනිඅවියක් අතැතිව යන දර්ශන පවා සමාජ මාධ්‍යයේ පළවිය .
ඒ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය විසින් මුලින් විමර්ශනයක් කරනු ලැබීය. ඒ අතරදී ස්ථානාධිපතිවරයා මාරුකරනු ලැබීය. 06දා ඔහුට සහ එම දඩයම් සිද්ධිය ට සම්බන්ධ බවට සැකකරන කොස්තාපල් වරයා කොළඹට කැදවා තිබුණි.
සූරියකන්ද පොලිස් බලප්‍රදේශයේ ලංකාබේරිය වත්ත ප්‍රදේශයේ ගෝණෙකු දඩයම් කරන බවට ලද තොර්තුරක් මත පොලිස් ස්ථානාධිපති වරයා සිවිල් ඇදුමින් සැරසී නිල ඇදුම් සහිත නිලධාරියෙකු සහ තවත් සිවිල් නිලධාරීන් කිහිප දෙනෙක් සමග ලංකාබේරිය වත්තට යද්දී සැකකරුවන් ගිනි අවිය ද දමා පලාගොස් තිබුණි.
ස්ථානාධිපතිවරයා ඇතුලු කණ්ඩායම ගිනිඅවියද රැගෙන එද්දී අවට වාසීන් ජායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයට මුදාහරිමින් පොලීසිය දඩයමේ යන බව ප්‍රචාරය කර තිබුණි.
මීට මාස එකහමාරකට පමණ ඉහතදී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාට අයත් ගංජා වගාවක් වැටලූ බවට සිද්ධියක් ඇතිවන අවස්තාවේ සූරියකන්ද පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේද මෙම නිළධාරියා බවද පොලීසිය පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd