(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මස් කර විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ දැයි සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (25) ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ ප්‍රශ්න කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
බුද්ධික පතිරණ මහතා මෙසේද සඳහන් කළේය.
සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයෙක් හඬපටයක් සමාජ මාධ්‍යට නිකුත් කරලා තිබුණා. මේක ඇතුළේ සතුන් මස් කරලා විකුණනවා කියලා. ඒක ඇතුළේ අයථා කටයුතු සිදුවෙනවා කියල . හිටපු වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරියත් ඊටම සමාන ප්‍රකාශයක් මීට කලින් කරලා තිබුණා. රිදියගම සෆාරි උද්‍යානය ගැන බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා. ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරනවාද.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා:
අපි ඒ ගැන සොයා බලන්නම්.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා:
මේක මට අදාළ කාරණයක් නොවේ වනජීවී ඇමැතිතුමියට අයිති කාරණයක්.මම දන්න තරමින් එතුමිය මේ සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවා.සිද්ධිය ගැන වාර්තාවක් එතුමිය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’’සෆාරි උද්‍යානයේ මස් ජාවාරමක්’’
himali Tuesday, 25 April 2023 10:54 AM
රිළවුන් ලක්ෂයක් චීනයට යැවීම මස් ජාවාරමක්
පිටිගල මිලානෝ Tuesday, 25 April 2023 11:01 AM
දැන්ද දන්නේ…? බොරු එපා හලෝ, බඩු දෙන්නේ ලේ බහින මුව වළිග කෑල්ලකුත් එක්ක අනන්‍යතාව ඔප්පු කරන්න. කතරගම යනකොට අහවල් පෙට්ටි කඩේට ඕඩරේ දීලා ගියාම, මැණික් ගගෙන් නාලා දෙයියොත් වැදපුදාගෙන ආපහු එනකොට බඩු ෂුවර්. හයිවේ එකට දාලා පෑගුවාම කොළඹට ගිහිල්ලා බයිට් එකකුත් හදාගෙන සප්පායම් වෙන්න වෙලාවත් ඉතුරුයි.
RandunuTuesday, 25 April 2023 12:16 PM
ඔච්චර දන්න කෙනා ඔක ජාවාරම අල්ලල නොදෙන්නෙ.. ඔයත් ඔය ජාරමට සුප්පොර්ට් කෙනෙක් ?
පිටිගල මිලානෝTuesday, 25 April 2023 02:50 PM
අල්ලන්න ඉන්න අයත් මේ තැන් වලින්මයි බයිට් එක උයවාගෙනම යන්නේ…