(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මස් කර විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ දැයි සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (25) ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ ප්‍රශ්න කළේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
බුද්ධික පතිරණ මහතා මෙසේද සඳහන් කළේය.
සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයෙක් හඬපටයක් සමාජ මාධ්‍යට නිකුත් කරලා තිබුණා. මේක ඇතුළේ සතුන් මස් කරලා විකුණනවා කියලා. ඒක ඇතුළේ අයථා කටයුතු සිදුවෙනවා කියල . හිටපු වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරියත් ඊටම සමාන ප්‍රකාශයක් මීට කලින් කරලා තිබුණා. රිදියගම සෆාරි උද්‍යානය ගැන බරපතළ ප්‍රශ්න ගණනාවක් මතු වෙලා. ඔබතුමා මේ ගැන පරීක්ෂණයක් කරනවාද.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා:
අපි ඒ ගැන සොයා බලන්නම්.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා:
මේක මට අදාළ කාරණයක් නොවේ වනජීවී ඇමැතිතුමියට අයිති කාරණයක්.මම දන්න තරමින් එතුමිය මේ සම්බන්ධයෙන් අතිරේක ලේකම්වරකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවා.සිද්ධිය ගැන වාර්තාවක් එතුමිය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිළවුන් ලක්ෂයක් චීනයට යැවීම මස් ජාවාරමක්
දැන්ද දන්නේ…? බොරු එපා හලෝ, බඩු දෙන්නේ ලේ බහින මුව වළිග කෑල්ලකුත් එක්ක අනන්‍යතාව ඔප්පු කරන්න. කතරගම යනකොට අහවල් පෙට්ටි කඩේට ඕඩරේ දීලා ගියාම, මැණික් ගගෙන් නාලා දෙයියොත් වැදපුදාගෙන ආපහු එනකොට බඩු ෂුවර්. හයිවේ එකට දාලා පෑගුවාම කොළඹට ගිහිල්ලා බයිට් එකකුත් හදාගෙන සප්පායම් වෙන්න වෙලාවත් ඉතුරුයි.