(යොහාන් භාසුර)
රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කළ හොත් රුපියල් මිලියන 10 ක් හෙවත් රුපියල් කෝටියක උපරිම දඩයක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් පැවැති රුපියල් 2500 ක් වූ දඩය රුපියල් ලක්ෂය දක්වා සියයට 3900 කින් ඉහළ දැමූ අවම දඩයක් බවට පත්කළ බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම පුද්ගලයන්ට මාස හයකට නොවැඩි සිර දඩුවමක් ද පැනවිය හැකි බව සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් රැස්වීමේදී එම යෝජනාවට අනුමැතිය ලැබුණු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම අමාත්‍ය මණ්ඩල තීරණය ගැසට් නිවේදනයක් ඔස්සේ පහත පරිදි අද (10) නිකුත් කරන බව ද අමාත්‍යවරයා කීය.
“එම තැනැත්තා සංස්ථාවක් නොවන අවස්ථාවක පළමු වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් එක්ලක්ෂයකට නොවඩු සහ රුපියල් ලක්ෂ පහකට නොවැඩි දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගත කිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගතකිරීම යන දඩුවම් දෙකම සහ ඉන් පසුව සිදුකරනු බලන වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් ලක්ෂ දෙකකට නොවඩු සහ රුපියල් මිලියන එකකට නොවැඩි දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයකට බන්ධනාගාර ගතකිරීමට හෝ ඒ දඩය සහ බන්ධනාගාර ගතකිරීම යන දඩුවම් දෙකමට හෝ ඒ තැනැත්තා සංස්ථාගත කළ ආතනයක් වන අවස්ථාවක පළමු වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් ලක්ෂ පහකට නොවඩු හා රුපියල් මිලියන පහකට නොවැඩි දඩයක් සහ ඉන් පසුව සිදුකරනු ලබන වරදක් සම්බන්ධයෙන් වන විට රුපියල් මිලියන එකකට නොවඩු සහ රුපියල් මිලියන 10 කට නොවැඩි දඩයකට යටත් වන්නේය”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පම්පෝරි ගහනවා විතරයි. කන්ඩත් නැති වෙන පොටක් මේ වැඩේ. වෙළෙන්ඳා මොනවා කරන්නද?
රටේ. වෙළෙඳපලේ හාල් නැතිවුණාම තමයි මේ අය නීතිදාන්නේ...
ඇත්තටම සහල්වල පාලන මිල කීයද?
කට අරින්න එපා
වැඩේ නම් හොදයි . එලෙසම මේ පිලිබදව කටයුතු කරන සත්ගුණවත් නිලධාරින් ඉතා ඉක්මනින්ම V8 ගැනීමට අවස්තාව එමගින් උදා කරාද මන්ද....? මක්නිසාදයත් වෙළෙන්දෝ යනු සැමදා මුණ බෙරිකරගත් ,කිසිදා කිසිදු ලාබයක් නොලබපු සැමදාම පාඩුම ලබන සියලු කෙලෙස් විශේෂයෙන් තණ්හාව සදහටම හිතින් ඉවත් කල සත්වයන් කොටසක් බව මිල පාලනය පිලිබදව පරීක්ෂක මහත්වරුත් වැඩිදෙනෙකු හොදින් දන්නා කරුණක් බැවිනි.
ඔය බයිලා එක හැමදාම කියන එකනේ. කිසි කෙනෙක් ඕවා දැන් ගනන් ගන්නේ නෑ.
අවසානයේ කීයටවත් සහල් නැතිව සාගතයක්! අනේ අපේ රටට වුන අපරාධය. 69 ලක්ෂයේ සාපය.
නිකන් බොරු කියන්න එපා ඔය කියන මිලට සහල් ලංකාවේ නැත .පොහොර නොමැතිව කොහොමද සහල් නිෂ්පාදනය කරන්නේ ?
අම්බෝ බය හිතෙනවා
අරලිය සහල්වලත් එක්කද ?
තවත් පුස් වෙඩිල්ලක්.. ගැසට් ගහනවා.. ආපහු රිවර්ස් කරනවා.
මේ මනුස්සයත් මරු කියවනන්වා .කල යුත්තේ සියලුම මහා පරිමාණ වී මෝල් රාජසන්තක කිරීමයි .මේ මොහොතේවත් බලය පාවිච්චි කල යුතුයි .ඔලුව පහත් කරන්න කරන්න මිනිස්සු ටොකු අනිනවා
කුඩා දරුවන්ට අම්මලා කවන්න එක එක දේවල් කියනවා නේ. අන්න ඒ වගේම තමයි මෙයාගේ මේ කතාවත්. ගෑස් මිල වැඩි කලාට සහ ගෑස් බර අඩුකලාට නඩු දානවයි කියලත් මෙයා කිව්වා නේ. මොකද්ද වුණේ? මේ හාල් මිල පාලනය කරන්න ගැසට් පත්‍ර කීයක් නිකුත් කළාද. පාලනය කරන්න පුළුවන් වුණාද?
තොග පාලන මිලක් දාන්නෑ මුන්. කෝ රට හාල්. හාල් නෑ ඊලග ට
මෙයාගේ බයිලා කෑලි එකතු කරලා කාටහරි සිංදුවක් හදන්න බැරිද?
කොහොමද වෙළෙඳ ඇමැතිතුමාගේ සෞභාග්‍යයේ කෙරුවාව... ඔක්කොම වැඩ කිඩ කටින් විතරයි. මේ ඔක්කොම බොරු... මහා පරිමාණ වී මෝල් කාරයින් ඔක්කොම මේ ගොල්ලන්ගේ හොඳම යාලුවන්. මේ ගොල්ලන් ආණ්ඩුව ගන්න කොට හාල් තිබුනේ රු110, 70, 60 වගේ....දැන් කොහොමද රු220,130,100.. ඔන්න වෙච්චි වින්නැහිය.. මේ ගොල්ලන්ට ඡන්දය දීලා. අපි කනවා නෙමෙයි ලෙවකනවා...
සහල්වලට උපරිම මිල නියම කරනවා කියන්නේ ළඟදීම සහල් හිඟයක් ඇතිවෙනවා කියන එකයි. මේ ආර්ථික ඔස්තාර්ට ඕක තේරෙන්නේ නැද්ද?