(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට සහ පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ සඟවා තබා ගැනීමට යොදා ගත් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධන් හෑරීමට හවුල් වූ බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු ඇතුළු තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ සිවිල් ආරක්ෂක බළකායේ වනාතවිල්ලුව අනුඛණ්ඩය රාජකාරි කරන භටයකු ,පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ පුත්තලම දෙකේ කනුව ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසිනි.
මෙම වත්තේ නිධන් හෑරීමට සම්බන්ධ වූ බවට සැලකෙන පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරුන් දෙදෙනකු පසුගිය 19 වැනිදා සැකපිට අත්අඩංගුවට ගෙන පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස පස් වැනි දා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහරාන්ගේ වත්තේ නිධන් හෑරු තව තුනක් මාට්ටු