විනීතා එම් ගමගේ
සිංහරාජ වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කෙරෙමින් ලංකාගම සිට කැකුණ ඇල්ල හරහා මේ වනවිට දැවැන්ත වන සංහාරයක් කරමින් මාර්ගයක් ඉදිකෙරමින් පවතිතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය කියයි.
මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ ලෝක බැංකුවේ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘතිය විසින් යැයි ද ලෝක උරුමයක් වන වනාන්තරයක් විනාශ කිරීමෙන් දේශගුණ විපර්යාස අවම කරන්නේ කෙසේ ද යන්න ලෝක බැංකුවෙන් විමසා සිටිය යුතු යැයි ද පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෑකඳවල රාහුල හිමියෝ පැවැසූහ.
මේ වනවිටත් සිංහරාජයේ කුඩව ප‍්‍රදේශයේ සංචාරකයින්ගේ පහසුව තකා යැයි පවසමින් කිලෝමීටර් දෙකක් දුර පාරක් ඉදිකර ඇතැයි ද අති සංවේදී පරිසර පද්ධතියක් මැදින් මෙම පාර ඉදිකර ඇත්තේ කිසිදු සංරක්ෂණ ක‍්‍රියාවලියක් ගැන නොසිතා ඩෝසර් යොදාගෙන පමණක් යැයි ද උන්වහන්සේ පැවැසුහ.
ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පූර්ණ අනු දැනුම මත ඉදිවෙමින් පවතින බව කියන මෙම මාර්ග පද්ධතියෙන් සිංහරාජයට වන හානිය පිළිබඳව, සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද යුනෙස්කෝ සංවිධානයට පැමිණිලි කළ බවත් ජනාධිපති අගමැති වන සංරක්ෂක ඇතුළු අදාළ සියලූ අංශ වෙත දන්වා යැවු බවත් රාහුල හිමියෝ කීහ.
2011 සිට 2030 දක්වා වූ ජාතික භෞතික සැලැස්ම අනුව සිංහරාජය දෙකඩ කරමින් මාර්ග ඉදිවන බව තම සංවිධානය 2013 දී පෙන්වා දුන් බව ද උන්වන්සේ පැවැසූහ.
මෙසේ සංවේදී පරිසර පද්ධතියක් තුළ කිසිදු සොයා බැලීමකින් තොරව මාර්ග ඉදිකිරීම හේතුවෙන් එහි ශාක හා සත්ව ප‍්‍රජාව හානියට පත්විය හැකි බවත් විශේෂයෙන්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින විශේෂයන් අවසන් වී යාමට පවා ඉඩ ඇතැයි රාහුල හිමියෝ කීහ.
රාහුල හිමියෝ මේ අදහස් පළ කළේ මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (8) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසරයි අපේ හාමුදුරුවනේ...!!! මේ සඳහා අනිවාර්යයෙන්ම කාලකන්නි NGO නඩයක් සම්බන්ධ වෙලා ඇති කියලා අපට සැක සිතෙනවා.
විල්පත්තුවට යන්න කෙටි මාර්ගයක් හදනවා ඇති!
දේශපාලකයින්ට ඕන ගස්ටික කපල සල්ලි ටික පොතේ දාගන්න මිසක් සිංහරාජෙ රකින්න නෙමෙයි. මේවට සැලසුම් හදන අයටත් එක්ක මේවා පල දෙනවා. මෙවගේ ාජතික සම්පතක් හැදෙන්න මොනතරම් කාලයක් යනවද ඒක මෙහොතෙන් ඒක විනාශ කරනවා කිසිම දුකක් නැතිව.
හාමුදුරුවනේ අපිට විදේශ ණය ලබාදීමට ඇති එක කොන්දේසියක් තමයි ඕක..මෑතකදී ප්‍රධාන නගරවල විශාල ගස් කැපුවේ ඔය ව්‍යාපෘතියේම කොටසක් ලෙසයි..ඔවුන් කැමති නැහැ අපේ රටේ ගස් තියෙනවට..ස්වභාවික සම්පත් විනාශ කිරීම ඔව්න්ගේ අරමුණයි..ඒ සඳහා පවතින රජය සැදී පැහැදී සිටිනවා...
පරිසරය නෙමෙයි, සල්ලි ලැබෙනවා නම් අම්මව වුනත් විකුණගෙන කන ඉන්න අපේ රටේ පාලකයින් නිදිද?