(කවිතා සුබසිංහ)
කැලණිය සරසවියේ සීසීටීවී කැමරා පද්ධතිය ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ තවත් සරසවි සිසුවෙකු ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් දෙශාල් පෝල් මහතා අද(09) නියම කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද්දේ, විශ්වවිද්‍යාලෙය් පළමු වසරේ ඉගෙනුම ලබන හෙට්ටි කංකානමගේ සදීප ජයනිදු ගුණසේකර නැමති අයෙකි.
සිද්ධිය ට අදාළව සැකකරුවන් පස්දෙනෙකු මේ වන විට බන්ධනාගාර ගත කර ඇති බවත් 20 ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් විමර්ශන තව තවදුරටත් සිදුකෙරෙමින් පවතින බවත් කිරිබත්ගොඩ පොලිසිය අධිකරණයේ දී පැවසීය.
ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 140 146 සහ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයෙහිලා වැරදි පිළිබඳ පනතේ 02 වගන්තිය යටතේ කරුණු වාර්තා කර ඇති බැවින් මෙහි අනෙක් සැකකරුවන් 2020.03.17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බැවින් මෙම සැකකරු ද 2020.03.17 වන දින දක්වා බන්ධනාගාර ගත කරන මෙන්ද පොලිසිය අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.
සැකකාර සිසුවා පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් පසුව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.
නීතිඥ නලීන් අක්මීමන සහ සුදර්ශන වික්‍රමරත්න යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.
කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල් 90071 රත්නායක සහ පොලිස් සැරයන් 27909 අරුණ කුමාර යන නිලධාරිහු පැමිණිල්ල මෙහෙය වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සරසවි සිසුන් නොව පාදඩ රස්තියාදුකාරයින්ය. අප ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ නීතිගරුක අහිංසක සරසවි සිසුන්ගේ ඉගෙනීමට ඉතාම නින්දිත විදියට පහර ගසන මෙම අන්තරේ ඉන්නා නූගත් බූරුවන්ව සියලුම සරසවිවලින් සදහටම පන්නා දමන ලෙසයි. මෙම මුර්ගයින්ට කිසිඳු රජයේ හෝ වෙනත් ආයතනවල කිසිඳු රැකියාවක් කිරීමට ඉඩ දියයුතු නැත යන්න අපගේ මතයයි. මොවුන් මේ විනාශ කරන්නේ ජාතික ධනය බැවින් මොවුන් රජයේ උසස් තනතුරුවලට පත්වුවහොත් කෙසේ මහජන ධනය විනාශ කරයිද යන්න මෙමගින් ඕනෑම කෙනෙකුට හිතාගත හැක. දියවන්නා ඔයේ යන එන මන් නැති කලුකුමාරයා ඇතුළු රතු හැට්ටකාර නඩේ මෙම අන්තරේ අය නැටවීමේ වගකීම සම්පූර්ණයෙන්ම බාරගත යුතුයි. එයින් එම රතුහැට්ටකාරයින්ට අත සෝදාගත නොහැකි බවත් සඳහන් කරන්නෙමු...
කිසිම සමාවක්නම් දෙන්න එපා. උපරිම දඩුවම් දෙන්න අලාබය මෙයාලගෙන්ම අයකරගන්න. ජීවිතාන්තය දක්වා ශිෂ්‍ය භාවය අහෝසි කරන්න එතකොට විශ්ව විද්‍යාලවල ඉන්න අනෙක් ළමයි වත් පාඩමක් ඉගන ගනීවි.
මේ සෙට් එක කුඹුරට බස්සනේ නැතිව වැඩේ හරියන්නේ නෑනේ. වැව් වල ජපන් ජබර පිරිලා. මේවා ගලෝලා කාබනික පොහොර හදන්න මේ අපතේ යන තරුණ පරපුරේ ශ්‍රමය සහ තරුණ භික්ෂු පරපුරේ අපතයන් ශ්‍රමය යොදා ගන්න වැඩ පිළිවෙලක් හදන්න. අපි කුප්පි ලාම්පුවල එළියෙන් පාඩම් කරලා, කුඹුරු වැඩ කරලා, එළ හරකුන්ට තණකොළ කපලා , කිරි දොවලා තමයි ඉගෙන ගෙන පොඩි රස්සාවල් කළේ. නිකම් කිසිම දෙයක් ලැබුනේ නැහැ. ඕවා නොකරපු කෙනෙක් පාර්ලිමේන්තුවට එන්නට එපා. හොරා කාපු පොදු දේපොළට හානි කරපු, ටවුන් වල රස්තියාදු ගහපු එක්නෙනෙක්වත් ගාව ගන්න එපා.
හොදයි