හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනුෂ පැල්පිට මහතා සිල් රෙදි නඩුවකට සම්බන්ධ කර සිරගත කිරීමට සිදුකළ කුමන්ත්‍රණවලට අදාළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට මේ වනවිට මාධ්‍යයට නිකුත් වී ඇතැයි මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පෙරේදා (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
රන්ජන් රාමනායක මහතා මේ ඉටුකර ඇත්තේ එජාප දේශපාලන අධිකාරියේ අවශ්‍යතාවක් යැයිද ඔහු කීය.
නීතිඥ අජිත් ප්‍රසන්න මහතා මෙසේද කීය.
සිල් රෙදි නඩුවට, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු ප්‍රධානියා ලෙස කටයුතු කළ අනුෂ පැල්පිට මහතාත් යන මේ දෙදෙනා සාවද්‍ය පරිහරණයක් කර රටට විශාල මුදලක් අහිමි කළා කියලා දඬුවම් කළා.
ඒක අද පැහැදිලි වෙන හඬ පටයක් නිකුත් වී තිබෙනවා. එක්තරා විනිසුරුවරියක සහ අපේ කතානායකයා රන්ජන් රාමනායක අතර එම කතාබහ සිදුවී තිබෙනවා. බැසිල් රාජපක්ෂගේ දිවි නැගුම නඩුවයි උදය ගම්මන්පිලගේ ඕස්ට්‍රේලියා ව්‍යාපාරිකයකු ගේ මුදල් වංචා කළා කියල තිබුණ නඩුවයි ඒ දෙක. මේ විනිසුරුවරියගෙන් ගත්ත නිසා ඇයට මහා වේදනාවක් ඇතිවී තිබෙනවා.
රන්ජන් රාමනායක මේ විනිසුරුතුමියගෙන් අහනවා කොහොමද අර සිල් රෙදි නඩුව. මරුනේ. මම එයාට කතා කරල ස්තුති කළා. යම් අයෙකු උදව්වක් කළොත් තමයි නේද ස්තුති කරන්නේ. ඔවුන්ගේ දේශපාලන අභිලාෂය නේ මේ එළි දක්වන්නේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම ඇත්ත නම් රන්ජව ලංකාවේ ජනපති කරන්නනේද ඕනේ. කොච්චර හොඳ මොලයක්ද? මුළු ලංකාවම පහුගිය අවුරුදු පහ පාලනය කරලා තියෙන්නේ රන්ජා. එතකොට මෛත්‍රී සහ රනිල් මොනවද කරලා තියෙන්නේ හැබැට?
ලලිත් වීරතුංග නියම ජෙනුයින් මනුස්සයෙක්. රාජ්‍ය නිලදරින්ගෙන් හිටපු හොදම එක්කෙනෙක් .නඩුවට පටලපු එක නම් වැරදියි
මට දැන් නම් හිතෙනවා මේ හඬ පට සෙල්ලම ආණ්ඩුවේ ලොක්කොත් එක්ක එකතුවෙලා රන්ජන් කරන දෙයක්ය කියලා. මේ වගේ ස්වර්ණමය ගැලවීමේ මාර්ගයක් ආණ්ඩුවේ ලොක්කන්ට හොයල දෙන්න සක්කරයටවත් පුලුවන්ද? දැන් තමන්ගේ මිනිස්සු ඔක්කොම හිරෙන් එලියට එනවනේ.
රන්ජන් අපි ඔබේ බෙල්ලට වැලක් දමා පාරේ ඇදගෙන යාමට ප්‍රථම ඔබම එසේ කරගන්න. මට ඔබ නළු බට්ටෙක් පමණි.
සිල් රෙද්ද දුන්නා නම් මොකද රෙදිදෙකට කඩලා දුන්නේ...?