
(රෝෂන් තුෂාර)
සිය පුතුන් දෙදෙනා අධ්යක්ෂ ධූර හෙබවූ පුද්ගලික සමාගමේ එතනෝල් ප්‍රවාහනයට සතොස ලොරි රථ සහ රියදුරන් යොදවමින් රජයේ මුදල් හා දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි බන්ධනාගාරගත සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 20 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය අද (13) නියෝග කළාය.
හිටපු අමාත්‍යය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ,සතොස හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ මොහොමඩ් සකීර් හා සතොස ආයතනයේ හිටපු මෙහෙයුම් හා ප්‍රවාහන කලමනාකාර ඉන්දික රත්නමලල සැකකාර ඇමතිවරයාගේ පුතුන් වන ජොහාන් ප්‍රනාන්දු, හා ජෙරම් කෙනත් ප්‍රනාන්දු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකාර පුතුන් දෙදෙනාට පවතින සුවිශේෂී කරුණු මත ඇප ලබා දෙන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඇප නියෝගය නිකුත් කිරීම ඊයේ දිනට නියමිතව තිබූ අතර ඇප දෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන 20 දින ඉදිරිපත් කරන බවද මහේස්ත්‍රාත්වරිය දන්වා සිටියාය.
සැකකරුවන් පස්දෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්රාත්තුමිය විසින් පසුගිය නඩු වාරයේදී නියෝගයක් නිකුත් කළ අතර ඒ සම්බන්ධ ප්රතිශෝධන අයදුම් පත්‍රයක්ද සැකකරුවන් විසින් මහාධිකරණයට ඉදිරිපත් කර ඇත.
සමූපකාර තොග වෙළෙ ඳ සංස්ථාවේ ලොරි රථයක් හා රියදුරෙකු පුතුන් දෙදෙනා අධ්යක්ෂ ධූරය හෙබවූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට ලබාදී රියදුරට රජයෙන් වැටුප් ගෙවා රජයේ මුදල් ලක්ෂ දෙකකට අධික මුදලක් අවභාවිතා කිරීම,රජයේ දේපළ සපරාදී සාවද්‍ය පරිහරණය , කූඨලේඛන සැකසීම හා ඊට ආධාර අනුබලදීම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ හත්වන සැකකරු ලෙස නම්කර සිටින ලොරි රථයේ රියදුරු සමන් විතාන අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවය.
පැමිණිල්ලේ පළමු සැකකරු ලෙස නම් කර ඇති පුද්ගලික සමාගමේ අධ්යක්ෂ ඇන්ටන් රොනල්ඩ් සෙබස්තියන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත.
සමුපකාර තොග වෙළද සංස්ථාවට අයත් වාහන සහ රියදුරන් පුද්ගලික කටයුතු(එතනෝල් ප්‍රවාහනයට) සඳහා යොදා ගැනීමෙන් රාජ්‍ය දේපල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම, සුවඳ විලවුන් හා පිරිසිදු කාරක නිෂ්පාදනයට යැයි අඟවමින් රාජ්‍ය නිලධාරීන් රවටා එතනෝල් ආනයනය කිරීමට බලපත්‍ර ලබා ගැනීම හා එසේ සත්‍ය වසංකර ආනයනය කළ එතනෝල් මගින් මත්පැන් නිෂ්පාදනය කර රජයට අයවිය යුතු බදු මුදල් අහිමි කිරීම යන චෝදනා යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශනය සිදු කරයි.
වත්තල ප්‍රදේශයේ පුද්ගලික සමාගමක් විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර එතනෝල් ආනයනය කරන බවට 2015.නොවැම්බර් .12 දින මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලැබුණු නිර්ණාමික පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මාල් රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය ලබන 20 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළාය.සැකකරුවන්ට ඇප ලබා දෙනවාද යන්න. සැකකාර පුතුන් දෙදෙනාට ඇප දෙනවාද යන්න පිළිබඳ නියෝගය එදින ඉදිරිපත් කරන බවටද නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd