
(නිමල් ජයරත්න සහ වසන්ත චන්ද්‍රපාල)
වාලච්චේන නගරයට කඩා වැදුණු වන අලිදෙදෙනකු සිදු කළ පහර දීකින් කාන්තාවන් දෙදෙනකු මියගොස්, පිරිමි තිදෙනකු තුවාල ලබා වාලච්චේන රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන පොලිසිය කියයි.
මෙම වන අලි පහරින් මියගොස් ඇත්තේ 68 හැවිරිදි සිරානි එලිසෙබත් සහ 66 හැවිරිදි අනාමලෙයි වේලුම් මයිලුම්,නැමැති කාන්තාවන් දෙදෙනෙකි.
තුවාල ලැබූ පිරිමි තිදෙනා වාලච්චෙන නගරයේ පදිංචි, අවුරුදු පනහක් හැටත් අතර වයසේ පසු වන අයවලුන් බවද පොලිසිය කියයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති බව වාලච්චේන රෝහලේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසීය.
වාලච්චේන කලපුවේ සිට මියුසික් ක්‍රීඩාංගනයට පැමිණ මෙම වන අලියා වාලච්චේන නගරයට කඩා වැදී, නගරයේ නතර කර තිබූ යතුරු පැදි සහ ත්‍රීරෝද රථය කිීපයකටද පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.
වාලච්ඡේන සහකාර පොලිස් අධිකාරි එම්. එස්. එම්. ජරූල් මහතාගේ උපදෙස් මත වාලච්චේන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ඡායා නිමල් ජයරත්න





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd