
(අමදෝරු අමරජීව )
කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුරියපුර පිහිටි සුරිය වැවේ සවි කරතිබු කාන්ති වැවට ජලය මුදා හරින ගේට්ටුව අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කැඩි ගිය බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුව නිසා සුරියපුර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවි ගිය අතර කන්තලේ සේරැනුවර මාර්ගයද ජලයෙන් යටවි ගියේය.
ගේට්ටුව සවි කර ඇති ස්ථානයේ බැම්ම මතින් නිරන්තරයෙන් අලි ගමන් කරන අතර අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෙම ගේට්ටුව කැඩි යැමට ඒය හේතු වන්නට ඇතැයි කන්තලේ වාරි මාර්ග ඉංජිනේරු එස්.ඒ.චින්තක එස්.සුරවිර මහතා පැවැසිය.
ගලා යන ජලකඳ පාලනය කර නිවාස හා මාර්ගය යටවිම වැලැක්වීමට තාවකාලිකව පිළියමක් ලෙස ආරක්ෂක අංශ,ගම්වැසියන් එක්ව වැලි ගෝනි ගසා වසා දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd