
(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
පසුගිය දින කිහිපය තුල ඇදහැලුන මහවැසි නිසා රත්නපුර මාදම්පේ හන්දිය හරහා ගාල්ල දක්වා දිවෙන ඒ 17 මාර්ගයේ කිලෝමීටර් 100 සහ 101 අතර නෑදොළ, කීනතැන්න ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටී විශාල ගලක් පෙරළීමෙන් අද (02) සිට ගමනාගමනය ඇණහිට ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ගලපෙරළී ඇත්තේ සූරියකන්ද සහ දෙනියාය අතර කොටසේ දී බව කොළොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා ද තහවුරු කළේ ය.
පස්කන්දක් සමග පෙරළී ආ ගලත් සමග තවත් සාමාන්‍ය ප්‍රමාණයේ ගල් පාරට පෙරළී විත් තිබේ. මේ නිසා එම ස්ථානයෙන් වාහන ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. අද (02) අලුයම් කාලයේ මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මේ දිනවල කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද වරින්වර මහවැසි ඇදහැලෙන බව කොළොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා පැවසුවේ ය.
අධිකවැසි ඇති අවස්ථාවල නායයාමේ අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් සිටින ලෙස දැනුවත් කර ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේය.
රන්හොටිකන්ද වැනි ප්‍රදේශවල ඇතැම් ස්ථාන නායයාමේ අවදානම් බවට හඳුනාගෙන ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.
අවදානම් සහිත ස්ථානවල පදිංචිව සිටින පිරිස් පිළිබඳව ග්‍රාම සේවා නිලධාරින් දැනුවත් කර ඇති බවද කී ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවුව හොත් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි ද උපදෙස් දුන් බව ද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1969 වර්ෂයේ දෙසැම්බර් මාසයේ (අවුරුදු පනස් තුනකට පමණ පෙර) ඔය කියන ප්‍රදේශයේ නායයාමක් නිසා විශාල හානියක් වුණා. ඒ අවස්ථාවේ කොලොන්න (නගරය) කඩපොලත් පස්වලින් යටවුණා.. ඒවා මතක තියෙන කෙනෙක් නම් නැතුව ඇති ඒ නිසා ඔය ප්‍රශ්නය වෙනුවෙන් දිගුකාලීනව සැලසුමක් හැදුවොත් තමයි හොඳ...