(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
පසුගිය දින කිහිපය තුල ඇදහැලුන මහවැසි නිසා රත්නපුර මාදම්පේ හන්දිය හරහා ගාල්ල දක්වා දිවෙන ඒ 17 මාර්ගයේ කිලෝමීටර් 100 සහ 101 අතර නෑදොළ, කීනතැන්න ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටී විශාල ගලක් පෙරළීමෙන් අද (02) සිට ගමනාගමනය ඇණහිට ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ගලපෙරළී ඇත්තේ සූරියකන්ද සහ දෙනියාය අතර කොටසේ දී බව කොළොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා ද තහවුරු කළේ ය.
පස්කන්දක් සමග පෙරළී ආ ගලත් සමග තවත් සාමාන්‍ය ප්‍රමාණයේ ගල් පාරට පෙරළී විත් තිබේ. මේ නිසා එම ස්ථානයෙන් වාහන ගමන් කළ නොහැකි තත්ත්වයට පත්ව තිබේ. අද (02) අලුයම් කාලයේ මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මේ දිනවල කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට ද වරින්වර මහවැසි ඇදහැලෙන බව කොළොන්න ප්‍රාදේශීය ලේකම් අමිල විජේරත්න මහතා පැවසුවේ ය.
අධිකවැසි ඇති අවස්ථාවල නායයාමේ අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාවට අවදානයෙන් සිටින ලෙස දැනුවත් කර ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේය.
රන්හොටිකන්ද වැනි ප්‍රදේශවල ඇතැම් ස්ථාන නායයාමේ අවදානම් බවට හඳුනාගෙන ඇති බව ද ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.
අවදානම් සහිත ස්ථානවල පදිංචිව සිටින පිරිස් පිළිබඳව ග්‍රාම සේවා නිලධාරින් දැනුවත් කර ඇති බවද කී ප්‍රාදේශීය ලේකම්වරයා ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වර්ධනයක් ඇතිවුව හොත් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි ද උපදෙස් දුන් බව ද කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සූරියකන්ද-දෙනියාය මාර්ගයේ ගමනාගමනය නවතී
ශ්‍රීලකුමාර Tuesday, 02 May 2023 10:41 AM
1969 වර්ෂයේ දෙසැම්බර් මාසයේ (අවුරුදු පනස් තුනකට පමණ පෙර) ඔය කියන ප්‍රදේශයේ නායයාමක් නිසා විශාල හානියක් වුණා. ඒ අවස්ථාවේ කොලොන්න (නගරය) කඩපොලත් පස්වලින් යටවුණා.. ඒවා මතක තියෙන කෙනෙක් නම් නැතුව ඇති ඒ නිසා ඔය ප්‍රශ්නය වෙනුවෙන් දිගුකාලීනව සැලසුමක් හැදුවොත් තමයි හොඳ...