(යොහාන් භාසුර)

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවගලිය සඳහා නම් කළ 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට තුන්ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර තිබේ.

එංගලන්තයට එරෙහිව දැන් පැවැත්වෙන විස්සයි20 තරගාවලියට නම් කළ සංචිතයෙන් කමිඳු ඉවත්කිරීමට තේරීම් කමිටුව කටයුතු කළ අතර පසුව එම සංචිතයේ සිටි ධනංජය ද සිල්වා ඉවත්කර කමිඳු නැවත කැඳවීමට පියවර ගත්තේය.

වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග ආබාධයකට ලක්ව සිටින්නේ යැයි පැවසුණ ද ඔහු ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටියි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය (2026) මේ මස 7 වැනිදා ආරම්භ වන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තරගාවලියේ සත්කාරකත්ව දරයි.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ සහ ඒෂාන් මාලිංග