
(මනෝප්‍රිය ගුණසේකර)
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිතා කළ බවට හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩු හතරක තීන්දු ජුනි 09 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා අද (26) දැනුම් දුන්නේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් මණ්ඩලයේ භාවිතය සඳහා කුලී පදනම මත ලබාගත් වාහන අවභාවිතා කිරීමෙන් රජයට පාඩු කිරිමෙන් අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කළැයි විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවල තීන්දු ප්‍රකාශයට පත් කිරීම සඳහා කැඳවු අවස්ථාවේදී තීන්දු සුදානම් නොමැති බව සඳහන් කරමින් තීන්දු ප්‍රකාශයට පත් කිරීම කල් තැබිණී.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කීසැරයක් මෙම නඩු තින්දුව කල් දැම්මද. අධිකරනය ගැන ඇති විශ්වාසය මෙයින් පලුදු වෙනව, ඒකයි දුක
මේ උගත් බුද්ධිමත් කලෙක ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් රටටම වාසනාවක්.
මේ නඩු රබර් වගේ.
පල්ලේ ගම ලමාදුෂකයා -හොර සරණ ගුණවර්ධන වගේ උන්ට ලට උසාවිය සරණයි ,රජය සරණය,පොලිසිය,විපක්ෂය සරණයි දුෂණය වෙච්ච පුංචි කෙල්ලට අබසරණයි !!
පල්ලේ ගම ලමාදුෂකයා -හොර සරණ ගුණවර්ධන වගේ උන්ට ලට උසාවිය සරණයි ,රජය සරණය,පොලිසිය,විපක්ෂය සරණයි දුෂණය වෙච්ච පුංචි කෙල්ලට ,අපිට,අපේ රටට අබසරණයි !!
පච කුමාරගේ කට නිසාදා දන්නේ නැහැ තීන්දුව කල් දාන්න උනේ.