රංජන් කස්තුරි
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ලියාපදිංචිවීම සඳහා ජනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ මස 30 වැනි දා දක්වා කල් ලබාදී තිබේ.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බදවා ගනු ලබන්නේ වෛද්‍යෙව්දී උපාධි පාඨමාලාව හැදැරීමට සුදුසුකම් තිබෙන සයිටම් සිසුන් පමණක් වන බවද මේ මස 30 වැනි දා යින් පසුව ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවද එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය නිවේදනය කර තිබේ.
ලියාපදිංචිවීමට කැමති සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි නීතිරීතිවලට හා කොන්දේසි වලට යටත්විය යුතු අතර අදාළ ගාස්තු ගොවිය යුතු බවද කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි.
මේ අතර සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගෙන් පිරිසක් පමණක් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ ලියාපදිංචි වී සිටින අතර වැඩි සිසුන් පිරිසක් තවමත් ලියාපදිංචිය ලබාගෙන නැතැයි පැවසේ.
ශිෂ්‍යත්ව පදනම යටතේ සයිටම් ද්‍යෛ විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුන්ටද මුදල් ගෙවා කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළුවීමට සිදුවී ඇතැයි ද එම නිසා ඔවුන් බරපතල ගැටළුවකට ලක්ව ඇතැයි ද එම සිසුන්ගේ දෙමාපියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි තියනවා නම් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ඕනා තරම් වෛද්‍ය විද්‍යාල ලෝකේ තිබෙද්දිත්, ඇයි මේ අය මේකට ඔට්ටු වෙන්නේ? සයිටම් ආයතනයෙන්ම මේ සිසුන් මුලින්ම පිටරට වෛද්‍ය විද්‍යාලයකට අනුයුක්ත කළා නම් මෙවැනි ගැටළු ඇතිවන්නේ නැහැ නේද? ලංකාවේ අය ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට, අනුන්ගේ ප්‍රශ්න රසවිඳින පිරිසක් බව, මේ අය වෛද්‍ය අධ්‍යාපනය ඉගෙන ගැනීමට ප්‍රථමයෙන් ඉගෙන ගත යුතු නොවේද?
මේ වැඩේ අසාර්ථකයි... කීපදෙනෙක් පැමිණේවි. නමුත් ඇකඩමියට ලාභයක් නම් ලබන්න ලැබෙන්නේ නැහැ.
මෙය සයිටම් එකෙන් උපාධි පිරිනැමීම වළක්වා ආයතනය වසා දැමීමට කරන කුමන්ත්‍රණයක් වගේ... ළමයින්ට කැමැති ආයතනයකින් උපාධිය ලබාගැනීමට රජය කල් දිය යුතුයි...
මෙන්න මේක තමයි ලංකාවේ වසලයෝ ප්‍රශ්න විසඳන විදිහ... කබලෙන් ලිපට තල්ලු කරනවා. මෝඩ සිංහල ජාතිය මේ රටේ බහුතරය නොවුණා නම්, මේ පින්බිම මීට වඩා වෙනස් විදිහේ රටක් වන බව සිකුරුයි.