(බිඟුන් මේනක ගමගේ)
මොණරුන්ගෙන් කෘෂිකර්මයට වන හානිය වැළැක්වීමට මොනර ගහණයේ ප්‍රමාණාත්මක ඝාතනයක් කළ යුතු බවට මතුව ඇති මතය මුළුමනින්ම හෙළා දකින්නේ යැයි සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී අද(19) පැවැසීය.
වර්ධනය වන සත්ත්ව ගහණය පාලනය කිරීමට ඝාතනය කිරීම යනු මානව කේන්ද්‍රීය චින්තනයේ ප්‍රතිඵලයක් යැයිද එය කිසිසේත් ප්‍රශ්නයට විසඳුමක් නොවන්නේ යැයි ද ආචාර්ය කාරියවසම් මහතා පැවසීය.
සොබාදහමේ තුලිතතාව නැතිවීම නැති වීම මෙම ප්‍රශ්න වලට හේතුව යැයි කී හෙතෙම එය සිදුකරනු ලැබුවේ මිනිසුන් විසින්ම යයි චෝදනා කළේය.
ප්‍රශ්ණයට සැබෑ විසඳුම් සොයනු වෙනුවට ඔටුවන් අලින් හාවුන් ආදී වශයෙන් විවිධ සත්ව වර්ග සමූහ ලෙස ඝාතනය කිරීමට මේ නිසා පෙළඹී ඇතැයි ද එය ස්වභාව දහමේ රීතීන් අමු අමුවේ උල්ලංඝනය කිරීමකැයි ද ආචාර්ය කාරියවසම් මහතා චෝදනා කළේය.
මේ ආකාරයටම වගා හානිය වළක්වා ගැනීමට යැයි කියා මොනර ගහණයේ ප්‍රමාණාත්මක ඝාතනයක් කළහොත් මීයන් හා සර්පයන්ගේ ගහණය වර්ධනය වනු ඇතැයිද නැවතත් එහි අනිටු විපාක මිනිසා කරාම පැමිණෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
සොබාදහමේ තුලිතතාව ආරක්ෂා කිරීම සඳහා දිගුකාලීන පියවර ගතයුතු යැයි ද අලි මොණරුන් ඌරන් වැනි සතුන් තුවක්කු අතට ගෙන පාලනය කළ නොහැකි යැයි ද කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වගාවට වන හානි වලක්වා ගැනීම සඳහා මොනරුන් ඝාතනය කිරීමෙන් ප්‍රමාණාත්මක පාලනයක් කළ යුතු යැයි මහාචාර්ය සරත් කොටගම පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බූරුවනේ ඔය සතුන් අල්ලා සත්ව උද්‍යානයට දෙන්න.
සත්තු නම් මොකද, ඊට වඩා දඩමස් කන, කැලෑ කපන දේශපාලුවොත් ඉන්නේ...
පාලනය කල යුතු වන්නේ සතුන් නොව මිනිසාය. මොනරාට අත නොතබනු...!
මොනරුන්ගේ ගහනය වැඩිවීමට ප්‍රධානම කරුණක් ලෙස සලකන්නේ වනයේ " නරි " ගහනය අඩුවීමක් ඇතිවී තිබීමයි. මොකද මොනරුන්ගේ බිත්තර නරින්ගේ රසවත් කෑමක්. දැන් මොනර බිත්තර කෑමට පැමිණෙන නරි අඩුවිමනිසා මොනරුන්ගේ ගහනය වැඩිවෙලා.
කොහොමත් ඉතින් මේ කාලේ වැඩිපුරම තියෙන්නේ අතීසාරයට අමුඩ ගහනවා වගේ විසදුම් තමයි.
අධි තාක්ෂණික උපකරණ මගින් කෘෂි බිම්වලින් සතුන් පළවා හැරීමේ ක්‍රම වලට යොමුවීමෙන් මේවාට පිළියම් සොයා ගමු.
අපේ තේ කර්මාන්තයත් කඩාවැටිලා තියන එකේ මොනරුන්වවත් වෙන රට වල් වලට අපනයනය කරන්න පටන ගනිමු.
ලෝකයේ ස්වභාවික තුලිතතාවය සියළු අංශයන්ගෙන්ම ගිලිහීගොස් ඇත. මිනිස් ජනගහනයද ධාරිතාව ඉක්මවමින් පවතී. මින් ආහාර, භූමිය ජලය වාතය යන මූලික සාධක සඳහා තරගය වැඩිවේ. මේ නිසා මිනිසා විසින්ම උපත් පාලනය හඳුන්වා දී යම් දුරකට ස්වයං පාලනයක් සිදුකරමින් ඇත. මිනිසා ස්වභාවික පාලන ක්‍රමවලට එරෙහිව බෙහෙත්, අවි ආයුධ, විද්‍යාව දියුණු කිරීම මගින් මිනිසා භූ තලය මත වැජඹේ. මේ නිසා ඊට එරෙහි අනෙකුත් සාධක පාලනය කළයුතුව ඇත. රිලා ගහනය ද මෙලෙස පාලනය කළ යුතුය.
ඔය පරිසරවේදියා අපේ පැත්තට එවන්න. අපි ඉන්නේ ගම්පහට කිට්ටු ඉඹුල්ගොඩ ප්‍රදේශයේ. ඉත්තෑ රංචුවක් අපේ මුළුමහත් වගාවල්ම විනාශ කරමින් ඉන්නවා. මෙත් වඩලා උන්ව අරගෙන යන්න. ඔය කොයි කෙරුමෙක්වත් රටේ කෘෂි ආර්ථිකයට වන සතුන්ගෙන් වෙන විනාශයට උත්තරයක් දෙන්නේ නැහැ. සුද්දන් හදපු නීති මීට වඩා රටේ කෘෂිකර්මයට උදව්කළා.
හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියන මේ ලෝකේ ඕකට තියෙන එකම විසඳුම සතුන් ඝාතනයද.?
මොණරුන් මරන්නේ නැතුව වෙනයම් තාක්ෂණික ක්‍රමයක් නැද්ද වගාවන් ආරක්ෂා කරගන්න..?
සත්ව ගහනය පාලනය නොකළහොත් භයානක ප්‍රතිඵල ඇතිවිය හැක. එහෙයින්, 01. වඳුරන්ගෙන්, වල් ඌරන්ගෙන් ආදි සතුන්ගෙන් වන වගාහානි වැළැක්වීම සඳහා සියළුම ගොවියන්ට පතරොම් තුවක්කු නිකුත් කළ යුතුයි. 02. වන සත්ව ආඥාපණත වහාම සංශෝධනය කළ යුතුය. 03. වල් අලින්ගේ තර්ජනයන්ට ගොදුරු වී සිටින ගොවීන් ආරක්ෂා කරනු සඳහා වහාම අණපනත් සංශෝධනය කළ යුතුය. 04. මිනිසාට ඇවැසි ජලය රැකගැනීම ඕස්ට්‍රේලියාවේ ඔටු ඝාතන න්‍යාය සෑමරටක් විසින්ම ආදර්ශයට ගත යුතුයි.
මෙයාව ඕස්ට්‍රේලියාවට යවමුද? ඒ පිළිබඳව කියාදෙන්න..
වහල් ආණ්ඩුව රිලව් මරන්න ගියා. මේ ආණ්ඩුව මොනරු මරන්න යනවා. දේශපාලකයින්ගේ මොළවල් වැඩකරන හැටි ගැන තව කවර කතාද?
කුරීරු චින්තනයට ස්වභාවික යුක්තිය පරාජය කළ නොහැකිය..
කුරුල්ලෙක් හරි, සතෙක් හරි ඇවිල්ලා බඩගින්නට මොනවා හරි එළවලු චුට්ටක් කාලා ගියාම හරි අමාරුයි. හැබැයි දඹුල්ලේ, පිටකොටුවේ සහ වෙනත් විවිධ ස්ථානවල එළවළු සහ පලතුරු නරක් වෙලා.. සමහර විට විකුණා ගන්න බැරුව වීසිකරන ප්‍රමාණය බැලුවොත් අර අහිංසක සත්තු කන ප්‍රමාණය වගේ දහස් ගුණයක් අපතේ අරිනවා. අපි පොඩි කාලේ අපේ තාත්තා වත්තේ පලතුරු ගස්වල ගෙඩි කඩන කොට සත්තුන්ට කන්න කියලා කොටසක් ගස්වල ඉතුරු කරනවා. වරක ගෙඩි දෙකක් තිබුණොත් එකයි කඩන්න දෙන්නේ. අනිත් එක ගහේ ඉතුරු කරන්න කියනවා වඳුරන්ටයි, කුරුල්ලන්ටයි. ගස්ලබු ගහක වුණත් එහෙමයි. අද කාලේ වැඩිහිටියන් දන්නේ නැහැ සතුනුත්, ගහකොළත් මිනිසුනුත් තුන්ගොල්ලම එකම පරිසර පද්ධතියේ කොටස් කාරයින් කියලා...
ඔය කුරුළු විශේෂඥයෙක් බව කියාගන්නා කොටගම සත්ව ඝාතකයෙක්. ඔහු මෙයට පෙරද වීරවිල යෝජනා කළ ගුවන්තොටුපොල අසල කුරුළු අභය භූමියේ කුරුල්ලන් වෙඩිතබා ඝාතනය කර කුරුළු පාලනයක් කළයුතු බව යෝජනා කළා.
මී මැසී නාදය පටිගත කර ශබ්ද විකාශන යන්ත්‍රයකින් ඇසීමට සැලැස්වීමෙන් කෙන්යාවේ නම් වන අලි පලවා හරිනවලු. ඒ ශබ්දයට අලි පළාතකවත් එන්නේ නැහැලු. මොකද ඔය සමහර ශබ්දවලට ඒ ඒ සත්ව වර්ග බය වෙනවලු. අපි ඉතින් හැමදාම අලි වැට ගගහ ඉන්නවා. ඔය ලොකු ලොකු මිනිස්සුන්ට බැරිවුණාට අපේ රටේ පාසල් සිසුවෙකුට කියන්න ඔය වගේ උපක්‍රමයක් හදන්න කියලා මොනරුන්ට... එකට දහයක් හදලා දේවි...
මොනරු ගෙවල්වල හදන්න අවසර දෙන්න... ජනතාව මොනරු ටික බලගනීවි.. ඔය ගොන්, තකතීරු වැඩේ කරන්න එපා. මොනර කියන්නේ අපේ රටට ස්වභාව දහමට අලංකාරයක් මොනර ගෙවල්වල ඇති කරන්න දුන්නා නම් ප්රශ්නය ඉවරයි.. ඔය කුරුල්ලෙකුට කන්න දෙන්න බැරිතරම් ලංකාවේ මිනිස්සුන්ගේ හදවත් දුප්පත් නැහැ.