
(මහේෂ් කීර්තිරත්න)
කොරොනා තත්වය නිසා තාවකාලිකව වසා දමා තිබු මාතලේ සෙම්බුවත්ත වැව සංචාරක ව්‍යාපෘතිය දෙසැම්බර් 01 දින සිට නැවත සංචාරකයින් සදහා විවෘත කරන බව ඇල්කඩුව වතු සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රැඩ්ලි දිසාගේ මහතා සඳහන් කළේය.
මෙහි පැමිණෙන සංචාරකයින් කොවිඩ් පැතිර යාමේ වැළැක්වීමේ නීතිරීති අනුව සංචාරය කළ යුතු බවත් අනිවාර්යෙන් මුව ආවරණ පැළඳ පැමිණිය යුතු බවත් අවශ්‍ය ආහාර පාන තමන් විසින්ම සපයා ගැනීම යෝග්‍ය බවත් දිසාගේ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ස්ථානය දැන් මුස්ලිම් ජනතාව වැඩිපුර යන තැනක් බවට පත්වෙලා... මිට ටික කලකට පෙර මෙහි සංචාරය කළෙමි. එහිදී දැකගත හැකිවූයේ විවිධ තරාතිරම්වල මුස්ලිම් ජනතාව මෙහි පැමිණ කෑම පිසිමින්, කුරාණය කියවමින්, ආගම සිහිකරමින් කල්ගෙවන ආකාරයයි. වෙනත් ජාතීන්වල පිරිස් එහි සිටිනු දුටුවේ නැහැ. ප්‍රථමයෙන් අපට සිතුනේ මෙම ස්ථානය මුස්ලිම් ජනතාවට පමණක් වෙන්වූ තැනක් කියලයි. පසුව මේ පිළිබඳව කළ සොයාබැලීමකදී දැනගැනීමට හැකිවූයේ මුස්ලිම් ජනතාව අතර මේ ස්ථානය පිළිබඳ ඇති යම් විශ්වාසයක් නිසා මෙසේ ඔවුන් පැමිණෙන බවයි. කෙතරම් සුන්දර ස්ථානයක් වුවත් නැවත යෑමට දෙපාරක් සිතිය යුතුයි. මෙම ස්ථානය මෙම පුද්ගලික වත්තට නම් හොඳ ආදායම් මාර්ගයක් බව පෙනී යයි.
මෙම ස්ථානයට පිවිසීමට ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 3ක් 4ක් යායුතුයි. නමුත් ප්‍රධාන මාර්ගය අවට හෝ මේ ස්ථානයට යන මාර්ගය අවට හෝ මෙම ස්ථානයේ පිරිසිදුව ආහාර අලෙවි කරන ස්ථානයක් නොමැත. මේ නිසා දුරබැහැර සිට යමෙක් පැමිණියහොත් ආහාර සපයා ගැනීමට ක්‍රමයක් නැත. මෙම ස්ථානයේ පිරිසිදු වැසිකිළි පහසුකම්ද නොමැත. අය කරන මුදලට සාධාරණයක් ඉටු නොවේ..