
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව කීය.
සමූපකාර බැංකු රැසක මූල්‍ය අක්‍රමිකතා ඇතුළු අවිධිමත් කටයුතු සිදුවන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බැවින් ඒවා නිවැරදි ලෙස නියාමනය කරමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා නව නීති ගෙන ඒම අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම තත්ත්වය නිසා මහජනතාවගේ පහසුව වෙනුවෙන් ඇති සමූපකාර බැංකු ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත්වෙමින් පවතින බවත් යම් සීමිත කණ්ඩායමක් පමණක් ඉන් ප්‍රතිලාභ ලබා ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මේ වන විට හිඟයකින් තොරව ලුණු ජනතාවට ලබාගත හැකිවුව ද වෙළඳපොලෙහි ලුණු මිලෙහි වැඩිවීමක් පිළිබඳව පැමිණිලි ලැබෙන බැවින් වැඩි ලාභ අපේක්ෂාවෙන් ලුණු මිල අසාධාරණ ලෙස ඉහළ නංවන්නේ නම් ඉදිරියේදී උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කටයුතු කරන බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමූපකාර හොරු අල්ලන්න නව නීති
C. ගුණසේකර Friday, 06 June 2025 05:59 PM
නියම්යි.. ජයවේවා... මාතරත් සුද්ධ කරන්න.
රුවන් Friday, 06 June 2025 06:29 PM
ජොනි ජොනී... නෝ පාපා සමුපකාර... කෝ පාපා..