IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සමන්තා පවර්ගෙන් ලංකාව⁣ට හොඳ සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සඳහා එක්සත් ජනපදය ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර දීමට සහතික වන බව ද සමන්තා පවර් මහත්මිය කීවාය .

වත්මන් ආර්ථික අභියෝගය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කර ගනිමින්, යළි ගොඩනැගීමට එක්සත් ජනපදයේ සහාය තවදුරටත් ලබා දෙන බව සමන්තා පවර් මහත්මිය සහතික වූවාය.

තවත් ඩොලර් මිලියන 60ක ආධාර ශ්‍රී ලංකාවට පිරිනැමීමට කටයුතු කරන බව සඳහන් කළ සමන්තා පවර් මහත්මිය රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ සසඳා බලන විට එය ඉතා කුඩා ආධාරයක් බව කීවාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද මුණගැසුණු අවස්ථාවේ දී සමන්තා පවර් මහත්මිය මේ බව කීවාය.

 



අදහස් (6)

සමන්තා පවර්ගෙන් ලංකාව⁣ට හොඳ සහතිකයක්

Nisen Monday, 12 September 2022 12:31 AM

හැබැයි නෝනේ මෙහෙමයි. චීනෙත් අපිට ඔය වගේ පොඩි පොඩි ආධාර නම් කරා ඉතින්. ඔයිට පොඩ්ඩක් වැඩිත් වගේ වෙන්න.

:       3       8

SanthuMonday, 12 September 2022 02:27 AM

ඔව්, ඒවා වාෂ්ප වෙලා ගිහින්ද කොහෙද.. ඔබතුමිය (ල) ට ක්‍රමයක් තියෙද, දෙන මිලියන 60ක ආධාරය, කෙසේ පරිභෝඡනය කලාද යන්න නැවත වසරකින් වගේ පැමින අය වැය වාර්තාවක් විමසන්න.

:       2       14

de silva Monday, 12 September 2022 04:13 AM

හොඳට හිටිය අපිව කන්න නැති හිඟන්න බවට පත් කරලා. මේ හොර කල්ලියට මොන සහතිකද නෝනෙ.

:       2       11

Perera Monday, 12 September 2022 05:57 AM

ඔය ආධාරවලින් කීයක් සැබවින්ම ලැබිය යුත්තන්ට යයිද කියලයි ප්‍රශ්නේ..!

:       0       2

පිටිගල මිලානෝ Monday, 12 September 2022 11:41 AM

සහතිකේ මයිනන් සහ කපුටන් හිරේ නොදා බේරාගත්තු එකටද?

:       1       2

chandima Monday, 12 September 2022 08:31 PM

අපේ ජනාධිපති තුමන්ට හම්බවෙන්නෙ සහතික විතරයි. කලින් වතාවෙත උපාධි සහතිකයක් දුන්නා වෙන රටකින්. වෙන නම් දීපු දෙයක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 365 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1010 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site