( +++ රන්ජන් කස්තුරි)
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවේගය පක්ෂය මහ මැතිවරණය සඳහා දුරකතනය ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.
ඒ අනූව දුරකතනය ලකුණින් එම පක්ෂය දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ටම තරග කිරීමට නියමිතය.
මෙ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂය මේ වන විට නාමයෝජනා මණ්ඩලයක් ද පත්කර තිබෙන අතර නාම යෝජනා බාර ගැනීමේ මූලික කටයුතු ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි සජිත්, මෙයත් එක්ක ගමනක් නැහැ... දිරිය ගේන, තරුණ, ජරාවෙන් තොර කණ්ඩායමක් එක්ක එන්න. මේ රටට වුවමනා අලුත් අදහස්, ජවය ඇති තරුණ තරුණියන්... ජයවේවා..!!!
දැන් මේ සමගි බලවේගය වෙනම පක්ෂයක් නම් මෙහි සාමාජිකත්වය තවමත් එජාපෙ ද ?
සජිත්, හොඳ අශ්වයින් ටිකක් දාන්න. නැතුව පරණ ටික දැම්මොත් ඔබට අබ සරණයි..
මෙවර රනිල් කණ්ඩායමට ඇපත් නැතිවෙනවා. සජිත් කණ්ඩායමට ජයග්‍රහණය කරන්න තිබෙන්නේ 30% සම්භාව්‍යත්වයක්... නමුත් හොර, බොරු ඩබල් ගේම් කාරයින් නැතුව ශක්තිමත් විපක්ෂයක කාර්ය භාරය ඉෂ්ට කළොත්, 2025 පාර්ලිමේන්තු මැතිවරණයේදී බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්...
ඉතා හොඳ තීරණයක්. රනිල් එක්ක ගමනක් යන්න බෑ. අනික මිනිස්සුන්ට පේන්න බැරි මිනිහෙක්... රනිල් කියන්නේ. රනිල් වටේ ඉන්න අයවත් මිනිස්සුන්ට පේන්න බෑ.
සජිත් සහ ගෝල බාලයින් තම ආසනවලින් ලැබුවේ රාජකීය පරාජයකි. වෙන් වූ පසු එය දෙගුණ තෙගුණ වේවි... බලා ඉන්න, එජාපයත් ඉවර කරලා නුඹලාත් අවසාන වෙන හැටි. ජනතාව වෙනුවෙන් වූ විකල්ප බලයක් බිහි කිරීමට කිසිවෙක් නැත...
ජයවේවා !
සුබ පැතුම් ! අපි ඔබ සමගයි.
පරක්කුවෙලා වුනත් ගත්ත තීරණය හොදයි. එලොවටත් නැති, මෙලොවටත් නැති රනිල්ට සහ ඔහුගේ ගෝලබාලයන්ට හොද කනේ පාරක්. ශ්‍රිලනිපය වගේම එජාපයටද එදා වාමාංශික පක්ෂවලට වුන ලෙසම ඇපත් නැතිවෙනවා. කාලයට අනුව හැඩගැහෙන්නේ නැති පක්ෂ සහ දේශපාලනය කරන අයට හොද පාඩමක් ජනතාව කියලාදෙනවා එන ඡන්දෙදී.
නියමයි සජිත් විශිෂ්ඨයි. එදා ජනාධිපතිවරණයට පෙර මෙය ඔබ කළා නම් එදා මේ රටේ ජනාධිපති සජිත්. ඔබගේ කකුලෙන් අදින රනිල් සහ ගෝලයින්ට නිසි දඬුවම් ජනතාවගෙන් ලැබේවි...!!!
ජයවේවා සුබ අනාගතයක්... සජිත් මහතාණෙනි...
නායකත්වය රනිල්, සජිත් දෙන්නටම නැතිව කරූට දී සියලුදෙනාම එකට එක්වී ගමනක් ගියොත් ජය නියතයි.
යූඑන්පීය කියන්නේ මුලසිටම රට විනාශ කළ පක්ෂයක්. බටහිර ගැත්තන්, ඒ වගේම සමගිය නැති බලවේගය රට විනාශ කළ සහ කරන කණ්ඩායමම බව ජනතාව දන්නවා.