(අජන්ත කුමාර අගලකඩ)
සෑම අමාත්‍යාංශයකටම වෘත්තීය සමිති හා සේවක සබදතා සඳහා සහකාර ලේකම්වරයකු බැගින් පත් කිරිමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
කාර්ය මණ්ඩල නියෝජිතයන් පරිපාලන කටයුතු සඳහා සහභාගී කර ගැනීමට සහ අමාත්‍යාංශවල හා ඒයටතේ ඇති ආයතනවල වෘත්තීය සමිති සම්බන්ධීකරණ කටයුතු විධිමත් කර ගැනීම සඳහා මෙම නව තනතුර ඇති කෙරෙන අතර, එය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන තනතුරක් ලෙස ස්ථාපිත කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිපාලන සේවයේ නොවෙන කියන්නේ දේශපාලන තනතුරක්... හොඳයි වැඩේ. හමුදා නිලධාරියෙක් නොවුණොත් තමයි පුදුමේ... සේවකයින් සහ වෘත්තීය සමිති නායකයින් බිය ගන්වන්න කරන වැඩක්. මේක තමයි නියම පාවාදීම්. ඉස්සෙල්ලම කරන්නේ තමන්ව බලයට ගේන්න දර දිය ඇදපු මිනිස්සුන්ව මර්ධනය කරන ක්‍රම ක්‍රියාත්මක කිරීම. කැබිනට්ටුව අනුමත කළාද මම දන්නේ නැහැ. අර රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ සියලුම ව්‍යාපෘති සහ වැඩසටහන් (මූල්‍ය ව්‍යාපෘතිද ඇතුළත්ව) මෙහෙයවීම සහ අධීක්ෂණය ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ ආයතනයට (ICTA) පවරා දීම සම්පූර්ණයෙන්ම වැරදියි. මිනිස්සු විරුද්ධ වුණාම ඒක නැවැත්තුවා. එදා ඒකාබද්ධ විපක්ෂයත් ඊට විරුද්ධ වුණා. ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ ආයතනයට කරන්නේ දේශපාලන පත්වීම්. එවැනි ආයතනයකට රජයේ කටයුතු කරන්න දෙන්න බැහැ. ඒක සම්පූර්ණයෙන්ම රජයේ ආයතන සංග්‍රහයට සහ මුදල් රෙගුලාසි වලට විරුද්ධයි. අපක්ෂපාති රාජ්‍ය සේව්‍ය පෞද්ගලික ආයතනයක පිරිසක් විසින් පාලනය කිරීම ජනාධිපති නියෝගයකින් කරන්න බැහැ. මේක කළොත් කවදා හරි යූටර්න් ජනාධිපතිට විරුද්ධව නීති මගින් කටයුතු කළ යුතුයි.
තමන්ගේ අයට ජොබ් එකක් දෙන්න හැම ආණ්ඩුවකින්ම කරන වැඩක් මේක. ගෝඨාභයගේ ආණ්ඩුව කියලා වෙනසක් නෑ එයත් කරන්නේ පරණ දේම තමයි. ටිකක් වෙනස් විදියකට...... මේ තනතුරෙන් සේවකයින්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ. අපරාදෙ මහජනතාවගේ සල්ලි......
දැනටමත් කෙරෙන දෙයක් තමයි ලංකාවේ අවුරුදු ගනම් බලාගෙන ඉන්න නිලධාරීන් අතහැරලා, පිට රට වලින් ඡන්දෙට වැඩ කරන්න ආපු මිනිසුන් හට නොයෙක් පත්වීම් දීලා විදේශ සේවය සඳහාත් කිසිම පරිපාලනයක් නොදන්නා අය පත් කිරීම අපි අනුමත නොකරන දේවල් . සමහරු අටවත් පාස්ද දන්නේ නැහැ .