(ඩයනා උදයංගනී)
එකම කෘතියක් අවසානයන් 20,000 ක් සහිතව රචනා කරමින් ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් සහ ළමා කතා ලේඛිකාවක් වන සිබිල් වෙත්තසිංහ මහත්මිය සහ මෙරට විවිධ ප්‍රදේශවල දරුවන් 20,000ක් එක්ව ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.
සිබිල් වෙත්තසිංහ මහත්මිය ලෝක ළමා දිනයට සමගාමීව දිවයින පුරා ළමුන් 20,000ක් සම්බන්ධ කරගනිමින් ”පුදුම පළිඟුව” ‘‘Wonder Crystal‘‘ළමා කෘතිය රචනා කරමින් මෙම වාර්තාව පිහිටුවා තිබේ.
ලොව එකම කෘතියක් වැඩිම අවසානයන් ප්‍රමාණයක් සහිතව රචනා කර ඇති අවස්ථාව ලෙසිල් එයට මෙම ගිනස් වාර්තාව හිමිව ඇත.
මෙම වාර්තාවට අදාළ සහතිකය සිබිල් වෙත්තසිංහ මහත්මිය ඇතුළු දරු දැරියන් වෙත ප්රදානය කිරීම කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (05) උත්සවාකාරයෙන් සිදුකෙරිණි.
ඒ ගිනස් ආයතනයේ නිල විනිශ්චයකරුවකු වන ස්වප්නිල් දන්ග්රිකාර් මහතාගේ ද සහභාගීත්වයෙනි.
මෙම කෘතිය රචනා කිරීමේ කාර්යය සිලෝන් බිස්කට් සමාගමේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කර තිබේ.
පසුගිය වසරේ ලෝක ළමා දිනයට සමගාමීව සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් අවසානයක් නොමැතිව රචනා කළ ‘පුදුම පළිඟුව’ නමැති ළමා කෘතියට එයට අවසානයක් ලබාදීම සඳහා සිලෝන් බිස්කට් සමාගමේ නිලධාරීන් එය දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සිසුන්ට ලබාදී ඇති අතර ඒ අතුරින් සිසුන් 20,000ක් එම කෘතියට අවසානයන් රචනා කර ඇත.
දරුවන්ගේ පරිකල්පන ශක්තිය හා නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමේ අරමුණ ඇතිව සිබිල් වෙත්තසිංහ මහත්මිය හා එක්ව පසුගිය ලෝක ළමා දිනය දා මෙම වැඩසටහන ආරම්භ කළ බවත්, එයට අවසානයන් 20,000ක් ලැබීමෙන් පසු එය ලෝක වාර්තාවක් විය හැකි බව සිතා ගිනස් වාර්තා ආයතනයට ඉදිරිපත් කිරීමට සිලෝන් බිස්කට් සමාගම තීරණය කළ බවත් එම සමාගමේ කළමනාකරු (මහජන සම්බන්ධතා) ජානක බොතේජු මහතා පැවසීය.
ඒ අනුව ගිනස් වාර්තා ආයතනයට සියලූ තොරතුරු ලබාදීමෙන් පසු ඔවුන් විසින් මෙය ගිනස් වාර්තාවක් බවට තහවුරු කළ බව ද ඔහු සඳහන් කළේය.
මීට අමතරව මෙම පාසල් දරුවන් විසින් ලබාදුන් අවසානයන් පිළිබඳ විශ්ලේෂණයක් ඒ ඇසුරින් මෙරට දරුවන්ගේ පරිකල්පන හැකියාව පිළිබඳ වාර්තාවක් සකස් කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ මහාචාර්ය සුභානි හේරත් මහත්මිය කටයුතු කරගෙන යන බව කී බොතේජු මහතා එහි සංක්ෂිප්ත වාර්තාවක් එළිදැක්වීම ද නෙළුම් පොකුණ රඟහලේදී සිදුකෙරිණි.
තමන් ද එක්ව පිහිටවූ මෙම ගිනස් වාර්තාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය පැවසුවේ තමන්ට ලැබුණු සියලු ජාත්‍යන්තර සම්මානයන්ට වඩා මෙම වාර්තාව පිහිටුවීමෙන් සතුටක් ලැබූ බවයි.
රට පුරා දරුවන් ද එක්කරගනිමින් මෙවන් කටයුත්තක් කරන්නට ලැබීම පිළිබඳව තමන් සතුටු වන බව කී වෙත්තසිංහ මහත්මිය ඒ වෙනුවෙන් සහයෝගය ලබාදුන් සිලෝන් බිස්කට් සමාගමට ස්තුතිවන්ත වන බව ද සඳහන් කළාය.
මේ වන විට 92 හැවිරිදි වියෙහි පසුවන සිබිල් වෙත්තසිංහ මහත්මිය දශක ගණනාවක් තිස්සේ මෙරට දරු පරපුර වෙනුවෙන් විවිධ නිර්මාණ විශාල ප්‍රමාණයක් එළිදක්වා තිබේ.
සිලෝන් බිස්කට් සමාගමේ සභාපති කළමනාකරු රම්‍ය වික්‍රමසිංහ මහතා ඇතුළු එහි ප්‍රධානීන් පිරිසක් මෙන්ම මෙම වාර්තාවට එක් වූ දරු දැරියන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට දිර්ඝායුෂ පතමි. තවතවත් දරුවන් වෙනුවෙන් පොත් ලිවීමට හැකිවේවායි පතමි.
අපේ රටේ තවත් ජාතික සම්පතක් වන එතුමියට දීර්ඝායු අත්වේවා... අපේ මෙන්ම ලොව වටා ඉන්නා දරුවන් වෙනුවෙන් තව තවත් සුන්දර නිර්මාණ බිහිකිරීමට හැකිවේවා. තෙරුවන් සරණයි.
හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන. ළමයෙක් විදිහටත් වැඩිහිටියෙක් විදිහටත් ඔබ ලියපු පොත් ඔක්කොම මම කියවලා තියෙනවා. පාසල් පුස්තකාලවලත් තිබුණු ඉතාම ජනප්‍රිය පොත්පෙලක්. මේ පොතත් ඒ විදිහටම සියලු පුස්තකාලවලට රජයෙන් ඇතුළත් කරයි කියල හිතනවා. ඔබ ජාතික වස්තුවක් වියයුතු තරම් වටිනා ලේඛිකාවක්. ඔබට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
අරතුමා, මෙතුමා, අරතුමිය, මෙතුමිය ලෙස නිවට මීහරක් දේශපාලුවන්ට ප්‍රසස්ථ ගායනා කරන ගොන් තකතීරුවන් වැඩිපුර සිටින සමාජයක වචනයේ නියම අර්ථයෙන්ම " ඔබතුමිය" ලෙස හිතට එකගව මෙම වැදගත් අම්මාට ආමන්ත්‍රණය කිරීමට හැකි බව අප සදහන් කරන්නෙමු. ඔබතුමියට අප හදවතින්ම දිර්ඝායු ප්‍රාර්ථනා කරන්නෙමු.
සොඳුරු ළමා මනසට උපරිම රසයක් උද්දීපනය කළ ආදරණිය සිබිල් ඇන්ටි, ඈත දේශයක සිටියත් ඔබ මට කිසිදා අමතක නොවේ. ඔබට තෙරුවන්ගේ ආශිර්වාදයෙන් දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි...
සුබපැතුම් මැතිණියනි, ඔබට දීර්ඝායුෂ පතමි.
මෙතුමිය වැනි උතුම් මෑණිවරුන් ළමාලෝකය කොතෙක් ආලෝක ගැන්වූවත්, හොඳ නරක සහ යුතු අයුතුකම් ලස්සන ළමා කතා ආශ්රයෙන් කියලා දුන්නත් හැත්තෑ හතෙන් පසු ඇතිවූ දේශපාලනික වෙනස්කම රටට අදාළ ලෙස ආදේශ කරගත්තේ නැති නිසා මේ ළමා පරපුරටම එම ගුරුහරුකම් අමතක වුණා. ඉන්පසු පැමිණි දේශපාලන හොරු විසින් ඉතුරු ළමා මනසද හැඳිගාලා දැම්මා. අද අපේ රටේ පරමාදර්ශී චරිත නැත. කවුරුන් හෝ කෙනෙක්ව වර්ණනා කළොත් ඒ තුළින් මේ ළමයි දකින්නෙම සාටක හෝ ටයි එල්ලාගත් හොරු. ඉතින් ඒ ළමයින්ද ඔවුන්ව අනුගමනය කරන්න ඉබේම පෙළඹෙනවා.
මම චූටිකාලේ 'මිහිර' පත්තරය සෑම සතියකම ගන්නවා. එතකොට පත්තරයේ මිල ශත 25 යි. මිහිර පත්තරයෙන් තමයි ඉස්සෙල්ලාම "සිබිල් නැන්දා" ගැන දැනගත්තේ... ඉතින් එදා ඉඳලා අදවෙනකම්ම සිබිල් වෙත්තසිංහ මහත්මිය චිත්‍ර-ලේකන කලාවේ යෙදෙමින් දරු දැරියන්ට උසස් කළා රසාස්වාදයක් ලබාදීමේ පිනම ඇති එතුමියට නිදුක් නිරෝගී දිවියක් පවත්වාගෙන යන්නට... ආදරණිය " සිබිල් නැන්දේ ",මෙතෙක් කල් අපේ රටේ දරු දැරියන්ගේ කළා රුචිය උසස් මට්ටමකට නංවාලීම වෙනුවෙන් ඔබතුමිය කළ කැපකිරීමට කෙසේ නම් ස්තුති කරන්නද කියා මට වැටහෙන්නේ නැහැ. එමෙන්ම ළමා පරපුරේ හෙට වෙනුවෙනුත් ඔබතුමියගේ මගපෙන්වීම ලැබේවා...' කියා පතන අතර, ඒ සඳහා අවශ්‍ය දිරිය ශක්තිය නොඅඩුවම ඔබතුමියට ලැබේවා...!!!
හරිම සතුටුයි. ඔබතුමාට දීර්ඝායු වේවා.!
ඔබතුමියට දිර්ඝායුෂ පතමි.!
නොබෙල් තාග්‍ය සදහා යෝජනා කරමු
සුබපැතුම් මැතිණියනි, ඔබට දීර්ඝායුෂ පතමි.
ඔබට දීර්ගායුෂ ලැබේවා.!
මෙතුමියගේ සූත්තර පුංචා කතාව කවදාවත් අමතක කරන්න බැහැ. ඉස්සර අපි පොඩි කාලේ මිහිර පත්තරේ ගියේ. ඒ වගේම තමයි මෙතුමියගේ චිත්‍ර.
මම පුදුම පළිඟුව පොතට කථාවක් ලිව්වා. එය පොතේ ඇතුළත්ද?
සිබිල් වෙත්තසිංහ මහත්මිය කියන්නේ අපට ගොඩක් ආදර්ශ දුන් මහත්මියක්...!