(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන හෙට (21) සිට සති තුනක පමණ කාලයකට නැවත වසා දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.
එම තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කිරීම සඳහා බොරතෙල් නොමැති වීම නිසා මෙසේ නැවත වසා දමන බවත් බොරතෙල් ලැබුණු වහාම නැවත විවෘත කරන බවත් විජේසිංහ මහතා කීය.
බොරතෙල් මේ වන විට ඇනවුම් කර ඇති බව කී විජයසිංහ මහතා එම බොරතෙල් අප්‍රේල් මාසයේ ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීම නිසා වසා දමන තුන්වැනි අවස්ථාව මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩින් කඩ වහන්නැතුව ඕක දිගටම වහල කෙලින්ම පිරිපහදුකල තෙල් විතරක් ගෙන්නමු. එතකොට කාටත් සැපයි.